Waharaka Dhamma
Arunodaya-01

Talk Arunodaya-01

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

මේ සුළු ප්‍රශ්නයක් මුලටම තියෙනවා බුද්ධ පූජාව සහ පැවිදි අය උදෙසා පූජා කළ දේ ගිහි ජීවිතය ගත කරන අයට පරිහරණය කිරීමට අකැපයයි කියලා අහලා තියෙනවා. න් දෙවියන් වහන්සේලා උදෙසා පූජා කරන දේවල් ගිහිට කැපදා කියලා මේ ප්‍රශ්න දෙකක් මේ තියෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්නෙත් හොඳ තේරුම් මරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවිදි අයට නැත්නම් බුදුරජාණන් වහන්සේට හෝ දෙන පූජාවක් තියෙනවා නම් ඒක කැපෙන පිරිසක් පෙන්නුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගේ ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් හැර අනිකෙකුට ඒ ආහාරය ගැලපෙන්නේ නෑ කියලා.

ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් කිව්වහම ගිහි පැවිදි කියලා එහෙම වෙනසකුත් නෙමෙයි තියෙන්නේ. බුද්ධ ශ්‍රාවකයෝ කිව්වානම් අට්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයට අයිති කොටසත් අයිති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සම්මත කරපු මේ ශාසනයේ දීර්ඝ කාලයක් පැවැත්වීමට අවශ්‍ය විශේෂයක් වශයෙනුත් ඒ වාගේම බොහෝම පවිත්‍ර විදිහට මේ ධර්මය පවත්වාගෙන ඉන්න ඒ තුළ පවතින්න ගැලපෙන ඉතාම සුදු පරිසරය වශයෙන් පැවිද්දත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. ඒ පැවිද්ද නිකන් තනියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ සම්මත කරපු ක්‍රමයක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුමතයෙන් පැවිදිලි කියන තත්ත්වයට පත්වෙච්ච උන්වහන්සේලා තුළින්

ඒ අනුපිළිවල ගෙනියන්න ඕනේ. ඒ අනුපිළිවියල පවත්වාගෙන යන්නේ යම්කිසි සරණාගමනයෙන් සාමනයර බවට පත්වෙලා ඒ වගේම උපසම්පදාව සුදුසු පරිදි ඊට අනුකූල ක්‍රමවේදයක් තියෙනවා. සංඝයා වහන්සේලාගේ අනුමැතියෙන් ඒ උපසම්පදා කියන තත්ත්වයට පත්වෙලා එහෙම යම්කිසි පැවිදි ක්‍රමයක් තියෙනවා. ඒක සම්මත පැවිද්ද. ඒක පෙන්නලා තියෙන්නේ නිදහස් අහසක් වැනිම ලිය වූ සක්ගෙඩියක් වැනි ඉතාම පාරිශුද්ධයි කියලා පෙන්නනවා. ලියවූ සක් ගෙඩියක් කියන්නේ සක් ගෙඩියක් අරගෙන ඒක සුද්ධ පවිත්‍ර කරලා හටම් ඒකේ කුණු රොඩු යන්න ලියවලා ඔප දැම්මහම ඉතාම පිරිසිදුයි. අන්න ඒ ඒකේ ස්වභාවයක් තියෙනවා එහෙම ඒ වගේ චරිතය ඉතාම පිරිසිදුව ගෙනියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා භික්ෂූන්ට උපමා

කරලා තියෙනවා ලිය වූ සක් ගෙඩියකට අන්න එබඳු ස්වභාවය ඇති නිදහස් අහසක්වන් කියන්නේ හැමතින්ම නිදහස් අල්ලගත්ත දෙයක් බැඳිච්ච දෙයක් නැති ශාසනික පැවැත්මක් ගත කිරීමට ගැලපෙන ක්‍රමවේදයක් භික්ෂූන් වහන්සේලාට තිබෙනවා ගිහි වතේ ඉන්න අයට ඒ පහසුව නෑ. කම් කටළු සහිතයි. ඒ නිසා භික්ෂූන් වහන්සේලාගේ ජීවිතයේ වටිනාකම උන්වහන්සේලාට තියෙන පහසුව බොහොම වැඩියි. ඒ භික්ෂූන් වහන්සේලා අවුසා දෙන්නා වූ දානයක් තියෙනවා නම් ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා හැටියට විශේෂයෙන් සැලකලා උන්වහන්සේලා පෙන්නවා ශ්‍රාවක අනුගාමිකයෝ. නැත්නම් ශ්‍රාවක පරිණාමයක් කියලා කියනවා. ශ්‍රාවකත්වයට පරිණාමය වෙනවා. ශ්‍රාවකත්වයට ක්‍රමක්‍රමයෙන් පැමිණෙනවා. අන්න එහෙම පිරිසරත් මේ දානයේ දිරෝනවා.

ඒක අනුපිළිවෙලී යන්න ඕනේ. ඒ ශ්‍රාවක පරිාම කිව්වහම ගිහි වෙන්නත් පුළුවන් පැවිදි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උපාසක උපාසිකාවෝ විශේෂයෙන් ශ්‍රාවක පරිණාම. ඒ නිසා උපාසක උපාසිකාව වශයෙන් අපිට මේ සුදු වැදගත් අය කියලා කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙහි චිත්ත ප්‍රසාද මාත්‍රයක් යම් කැවුනා නම් ඒ මනුස්සයාත් ශ්‍රාවක පරිණාමයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩනකොට උන්වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රහාදයක් ඇතිවෙන ඒ වගේම ගෙක් දොරක් ඉන්න තැනක් නැති හිඟන පිරිසි ඉන්නවා. උන්වහන්සේ යන පස්සෙන් ඒ අයත් පිරි පසේ ඈදී යනවා. උන්වහන්සේට දන් දුන්නහම ඒ දානෙන් කොටසක් ඉතින් අර ඉතුරු වුනහම පස්සේ හම්බවෙලා එහින්ගෙන අයටත් හම්බවෙනවා. ඒකත් එක්ක බලාපොරොත්තුවක්. කෑම ටිකත් හම්බවෙනනේ අපිට කොහෙන් ගියත්

ඉතින් ඔය විදිහට පස්සෙන් එනවා චිත්ත ප්‍රසාදයක් ඇතිවෙලා. මේ අයටත් ශ්‍රාවක පරිණාමයක් ඒ දානේ අවසානයේ හිමියි. අනුපිළියෙලී යන්න ඕනේ. අනුපිළිවෙලින් යන්න ඕන කියන්නේ ප්‍රධාන මහාදානය මහතෙරුන් වහන්සේලාට තමයි හදලා පූජා කරන්න ඉස්සෙල්ලම සාංඝික කරත්. ඒක සංඝ සම්ප්‍රදායක්. ඉතින් උන්වහන්සේලා වැළඳුනට පස්සේ තව කවුරුහරි ඉන්නවානම් උපාසක උපාසිකාදී පිරිස් ඒ අයට වරදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑහ. ගිහි කියලා ගානක් නෑ එතේ. තාවක පරිණාම ඊට පස්සේ ඒ අය තහක් කරර වුනාට පස්සේ තවත් ඔය පිටිපස්සෙන් එන්න යාචකාදියන් ඉන්නවා නම් බුදුපියාණන් වහන්සේ කිරෙහි හෝ චිත්ත ප්‍රහාදයක් හෝ තියෙනවා නම් එහෙම අයටත් ඒ කොටස හිමි. එහෙමත් සම්බන්ධයක් නැති බුද්ධ කියන නාම මාත්‍රයක් කෙරෙහිවා චිත්ත ප්‍රසාදයක් නැති අයටයි හිමි නැත්තේ.

හැබැයි අනුපිළිවෙලී යන්න ඕනේ. ඒ වගේ මේ අය දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ උදෙසා දුන්න දානයක් හරි නැත්නම් සංඝය අවුසා දුන්න දානයේ යම්කිසි කෙනෙක් වළඳනවා නම් මේ කෑදකමට නම් වළඳන්න හොඳ නැ. ඒක සම්පූර්ණ විනාශයක්. එහෙනම් ඒ දානය වළදන්නේ බඩිගින්නක් තියෙනවා බඩිගින්න දුරු කරගන්න සීත යම්කිසි ආකාරයක ඇඟේ තියෙනවා නම් දාහේ නිසා ඇතිවෙන බඩික නිසා ඇතිවෙන ඇඟ වෙවුලනවා. ඒ වගේම නැගිටගන්න පල නැ. ඒ වගේ අවස්ථා තිබෙන කායික අපහසුතාවයන් දුරු කරගන්න ඒ දුරු කරගෙන ලැබෙන්නා වූ නිරෝගීභාවෙන් නැත්නම් ඒ ලැබෙන නිදහසෙන්. සිහි කරන්න බැ මම මේ නිදහසින් අද ඉන්නේ මේ මොහොත ගත කරන්නේ මෙහෙම දානයක් අරගෙන. එහෙනම් ඒ කාලේ අපතේ අරින්න හොඳ නැ. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකට යම්කිසි පිළිවෙතක් තියෙනවා නම්

නිවන් සඳහා පිළිවෙතක් තියෙනවා නම් හැකි තරම් දුරට ඒකේ දානයේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒක අනුගමනය කරන්න ඕන කියලා. මෙන්න මෙහෙම අදහසක් තියෙන්න ඕනේ. එයාට නම් කිසි ප්‍රශ්නයක් නැහ. එහෙම කෙනාට ඒ දානේ ණයක් නෑ. දානය අරගෙන ණය වුණා වෙන්නේ නෑ. එහෙම නැතුව ශාසනය සහස පූජා කරපු දෙයක් අරගෙන කෑදරකමට කනවා නම් රහ බලන්න හිතාගෙන කනවා නම් රහ දෙයක් හම්බුනාම සීමාවක් නැතුව බලාරිකමට බණ පැලෙන්න තරම් පිරකන් කකා ඉන්නවා නම් මෙන්න මේවා දිරවන්නේ නෑ. ගැලපෙන්නේ නෑ. එහෙනම් ශාසනික දානයක් කොච්චර රහට තිබුණා කිව්වත් ඒ නිසා ඒ රහට ගිජු වෙන්නේ නැතුව ශරීරයට අවශ්‍ය ප්‍රමාණය දැනගන්නවා. නැගිටාගන්න බැරි තරම් බඩපුරවාගෙන එහාට ඇඹරෙන්න මෙහාට ඇඹරෙන්න බැරි තරම් එහෙම කන්නේ නෑ. එහෙම ක්‍රමයක් නෙමෙයි දානේ වළඳන

එක. ඉතින් ඒක ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට ගන්න ඕනේ. බත් පින්කම් දෙකක් කන්න පුළුවන් නම් හොඳටම බඩ පිරෙන්න. ඒකෙන් දෙකෙන් පංගුවක් ගත්තහම ඇති. ඒ කියන්නේ බත් පිඟන් දෙකක් බඩ පිරෙනකම්ම කන්න බත් පිඟන් දෙකක් පුළුවන් නම් බත් පිගානක ප්‍රමාණය ආපුවහම එයාට හොඳම ඇති. එතකොට බඩෙන් දෙකෙන් පංගුවයි පිරිලා තියෙන්නේ. ඒකට තවත් දෙකෙන් පංගුවිවෙන් භාගයක් කියන්නේ යන්නේ. එතකොට තව හතරෙන් එකක ප්‍රමාණයක්. වතුර බොනවා. එතකොට තමන් වතුරක් බිහිලා දානෙත් වළඳලා බතුරක් බිව්වහම තවත් බණ ඇතුලේ හතරෙන් එහක එහවත් කාල ප්‍රමාණයක් කාමාස ඉඩ තියෙනවා. මෙන්න මේ ගහට ආපුවහම කිසි අපහසුවක් නෑ. යන්න එන්න අපහසුවක් නෑ. බත් මත නිදි මතක් හැදෙනවා ඒ මත හැදෙන්නේ නෑ. බොහෝම නිරෝගී ස්වභාවයට හේතු වෙනවා. මෙන්න

මේ ප්‍රමාණයන් දැනගැන ඉවෙරලා හිටන් පරිහරණය කරන්න ඕනේ ශාසනික දානයක්. ඒක තමයි අපි කියන්නේ රසීමිතව රස පිණිස නෙමෙයි අසීමිතව බල පුරවාගන්න නෙමෙයි. හැඩ වැඩස්සන වෙන්න නෙමෙයි. කාම සම්භෝගයන් සඳහා මේ කය සකස් කර ගැනීමට නෙමෙයි ආදී වශයෙන් මේ ප්‍රත්‍යවේක් සිංහල අර්ථයෙන් විග්‍රහ කරලා දෙන්නෙත් ඕකයි. ඒ නිසා ඒ වෙලාවේ තේරුම් ගන්න ඕනේ ගිහි පැවිදි කියලා භේදියක් එතන නෙමෙයි තියෙන්නේ. ඒ දානයක් අර ගැනීමේදී ගිහියන්නට තහනම් කියලා එකක් නෑහ. කොයි ආකාරයෙන් හරි බුදු ගුණ මාත්‍රයකවත් සම්බන්ධයක් චිත්ත ප්‍රසාද මාත්‍රයක් නැති කෙනෙකුට ශ්‍රාවක පරිණාමයක් කියන්න බැහ. එහෙනම් බුද්ධ ශ්‍රාවකයක් ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් නොවන කෙනෙකුට ඒක දීරවන්නේ නෑහ. හැබැයි බුදුරජාණන් වහන්සේ උදෙසා පමණක් යම්කිසි කෙනෙක් පූජාවක් කරනවා නම් ගරුත්වයෙන් සලකලා ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ අදහසක් තියෙනවා. මම බුදුපියාණන් වහන්සේ ශාස්තෘ කරගත්තේ ඒ වගේම උන්වහන්සේගේ ආමිසයන්ට නැත්නම්

උන්වහන්සේ උසා පූජා කරමේ සිව්පසයට ගැති වෙන්න නෙමෙයි බලාපොරොත්තුව නෙමෙයි. උන්වහන්සේගේ ධර්මය දායාද කරගන්න ධර්ම ධර්ම උන්වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒකයි කියලා. ධර්මයද බලාපොරොත්තු වෙන්නා වූ ඒ පිරිසිදු ගුණ ඇති ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දෙන සිව් පසේ පරිබෝග කරන්නේ නැහ. හැබැයි පරිභෝගව කරා කියලා වරදක් නෑක වැඩි ගරුත්වයා. ඉතින් මේක තේරුම් අරගන්න ඕන විදිහට සංඝියා වහන්සේ අවුසත් පූජා කරපුවහම අර ඉන්නු ක්‍රමයට ඒ පූජාවෙන් උන්වහන්සේලා වැළඳුනට පස්සේ අර විදිහට වරඳන්න පුළුවන්. ඉන් දේව පූජාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. දෙවියන් උදෙසා පූජාවක් තිබ්බම ඒ කියන්නේ දේවතාවෝ එතන්ට පත් වුණේ. ඔය දේවතාව මනුස්ස ලෝකේ ඉන්න කාලේ යහපත් සුචරිතයෙන් කටයුතු කරලා දස අකුසල් වලින් වෙන්වෙලා ඒ වාගේම ඒ කාලේ හැටියට යම්කිසි භික්ෂූන් වහන්සේලා

හිටියා නම් ඒ අයටත් ඒ මහා දාන දීලා නැත්නම් දුගි මගී යාචකාදී පුද්ගලයින්ට දන් දීලා මනුස්සයන්ට උදව් උපකාර කරලා ඒ වගේම සත්වයින්ටත් යහපතක් සිද්ධ කරලා මෙහෙම කටයුතු කිරීමේ ලබන පුණ්‍ය ශක්තියත් ඒ සුචරිතයත් කියන දෙක මුල් කරගෙනයි දෙවියෙක් වෙන්නේ. න්නේ ඒ දේවතාවට පහළ වෙනවා පුණ්‍ය ඉරධියකින් දිවැසා. ඒ දෙවස පහළ වෙච්ච අය දකිනවා මේ සම්පත්තිය කොහෙන්ද හම්බ වුණේ කියලා. අන්න එතකොට පේනවා නිකන් හම්බ වුණේ නෑ මම මනුස්ස ලෝකයේ ඉන්න කාලේ. මෙන්න මෙහෙම චරිතයක් ගත කරලා සුචරිතව මෙන්න මෙහෙම දන් දීලා තමයි මට මේ ටික හම්බ වුණේ. දැන් හරියට යම් කෙනෙකුට මුදල් අවස්ථකට මුදල් ලැබෙන මාර්ගයක් තියෙනවා නම් හොයලා බලපුවහම මුදලේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔහුට මුදල් ලැබෙන්නා වූ ව්‍යාපාරයක් හෝ තියෙනවා. දැන් ඔහු බලාපොරොත්තු වෙනවා ඒ ව්‍යාපාරය

තව තවත් වැඩි දියුණු කරගන්න. ඉදිරියටත් තව වැඩිපුර මුදල් එකතු කරගන්න. අන්න ඒ වගේ මේ දේවතාවන්ට අර පින ගැන හොයලා බලනකොට පේනවා. මේ පින්කඳ ලැබුණේ මේ මනුස්ස ලෝකේ ඉදගෙන මෙහෙම දන් දීලා මෙහෙම කටයුතු කරපු නිසයි. දැන් තවත් මේක ලොකු කරගන්න ඒ අයට අවශ්‍ය වෙනවා. හැබැයි විදිහක් නෑ දේවකයි මේ ඉස්සෙල්ලා මනුස්ස කයෙන් කරපු දන්දීම මාදිය කරන්න මෙහෙන්න බෑ. ඒක හරි අමාරු වැඩක්. එහෙම පුළුවන් අවස්ථාවක් තියෙන ක්‍රමවේදයක් තියෙනවා ඒක ගැඹුරු දෙයක්.බුරාණන් බුදුරජාණන් වහන්සේව රහතන් වහන්සේලා වැනි මහරහතන් වහන්සේලා පිරිස් වැඩ ඉන්න කාලේදී උන්වහන්සේලාගෙන් විහිදෙන ශාන්තියෙන් යම් ශක්ති ප්‍රභවයක් වෙනවා ලෝකයට අන්න ඒ ශක්තිය ඇසුරු කරගෙන ගනීපන ශරීර මාවාගෙන එන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා දෙවියන්ට

එහෙම අවස්ථාවක් වුනහම විවිධ ලැබෙන අවස්ථාවකෙදී ඒ හේතුවෙන් ගනීවාන ශරීර මවාගෙන ගෙන භික්ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කරපු අවස්ථා තියෙනවා දේවතාවෝ. ඒ ශක්තිය ලෝකයට පිරිහිලා යනවා. අර අභිඥාලාභී රහතන් වහන්සේලා ලෝකේ නැති කාලයට එතකොට දෙවියන්ට තියෙන්නේ ඒගොල්ල ඒ මායගිය බලයෙන් තිබෙන ඒ ශරීර ප්‍රමාණය මිසක්. ආධාරකයක් නෑ ඒ ශරීර ගනීවනය කරගෙන මනුස්සයාකාරයෙන් පෙනී සිටින්න. මිනිසා ඒ දේවතාව බලාපොරොත්තු වෙනවා. අනේ අපි කොහොමද අර මනුස්ස ලෝකේ පින් කරගත්තා වාගේ තව තවත් මේ පින බලවත් කරගන්නේ. මෙහෙම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. මිති මනුස්ස ලෝකේදී යම්කිසි කෙනෙක්. එහෙනම් අපි ඒ දෙවියන් උදෙසා පූජාවත්ත යෙමු. ඒ දෙවියන්ට උදෙසායි දෙවියන් වෙනුව වෙනුයි

මේක කරන්නේ. මෙහෙම කියලා පූජාබල් ලැහැති කරනකොට ඇත්ත වශයෙන් අවංක හෝ සිතුවිල්ල ඒක නම් අර දේවතාවන්ට හරි සතුටක් එනවා. අන්න අපි උදෙසා පූජාවක් කරනවා. අපි කළ හැටියට. ඒ අය හිතෙන් ඉස්සෙල්ලා අපිට වෙන් කරලා තියෙන්නේ. අපේ පූජාවක් කරලා. ඒ වුනාට අපිට ඕකට ඇවිදිලා අත ගහන්න බැහැ. ගෙනියන්න බැහැ. එක කෙනෙකුට දන් දෙන්න බැහැ අපේ ශක්තිය වෙන එකක්. නමුත් ඒක කරන්න මස්ලේ කයක් තියෙන මනුස්සයෝ ඉන්න එපැගනීවර ශරීරයක් තියෙන අය ඉන්න එපෑ. අන්න අපි වෙනුවෙන් ඒ පූජාව කැප කරපු අය ඒ කටයුත්තත් කරලා දෙනවා. අපිට තියෙන්නේ චිත්ත ප්‍රසාදයෙන් බලාගෙන සන්තෝස වෙන එක විතරයි අපි කළා වාගේ. ඒ අපි උදෙසායි ඒ අය කරන්නේ කියලා. මෙන්න මෙහෙම ක්‍රමයක් දෙවියන්ගේ තියෙනවා. ඒ නිසා දෙවියන් උදෙසා පූජාවක් පූජා කරලා ඒක දෙවියන්ට භාර කරනවා. ඊට පස්සේ දෙවියන් විසින් බලාපොරොත්තු වෙන කටහිත මොකක්ද? මනුස්ස ලෝකේ හිටියා වාගේ

නැති බැරි අයට ඔක්කොටම ඒ දානේ දෙන්න. ඒ නිසා ඒක දානයන්දිේ භික්ෂූන් වහන්සේලා කියලා ගානක් නෑ. දුගී මගී යාචකාදී කවුරුහරි කමක් නෑ හිටියා නම් ඒ අයට ඒ දානේ ටික ටික හරි බෙදනවා. අන්න ඒ කටයාගේ මාර්ගයෙන් කෙරෙන්න ඕන. එහෙනම් ඒ ඇඩේ නියෝජිතත්වය භාර ගන්නේ මනුස්සයෝ. ඔන්න දෙවියන්ට භාර කරපු දානේ දෙවියන් කරන විදිහටම අපි කරලා දෙනවා මනුස්සයින්ට කියලා. බොහොම චිත්ත ප්‍රසාදයෙන් එදා ඒ දෙවියෝ මනුස්සයින්ට දුන්න හැටියට දාන දුන්න හැටියට උදව් උපකාර කළ හැටියට ඒ මනුස්සයා ඒ ටික කරලා දෙනකොට අර දේවතාවට හරිම සන්තෝසයක් එනවා. අපිට කරගන්න බැරි. කොච්චර වාසනාවක්ද අර මනුස්සයා කරලා දුන්නේ? අපේ පළවෙනි බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්නේ. අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ මේ විදිහට යහපත කරගෙන අද මේ පිණ් ශක්තියෙන් අපි මේ ඉන්නේ.

ඒකම වර්ධනය කරලා දෙන්න. ඒ මනුස්සය අපිට උදව් කරනවා නම් කොයිතරම් වැදගත්ද අපිට හැකි යම් ආශිර්වාදයක් ඇත්නම් මේ රැකවරණයක් ඇත්නම් ඒ රැකවර්ණය යොදලා දරුවෙක් රකිනවා වාගේ රකින්න ඕන කියලා. ඒ දේවතාවන්ට හැඟීමක් ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙසේ චිත්තප්‍රසාදයට පත්වුන දේවතාවෝ මව් කෙනෙක් තමන්ගේ දරුවා රකිනවා වාගේ. ඒ මනුස්සයෝ කෙරෙහි උදව් උපකාර කරනවා චිත්ත ප්‍රසාදයෙන්. අන්න ඒ දේවතාවන්ගේ ආශිර්වාදය ලැබෙනකොට ඒ මනුස්සයන්ට බාධක කරදර දුරු වෙලා අභිවෘධියක් ලැබෙනවා. හැබැයි නිවන නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙන අයට තියෙන බාධා කරු දුරුවෙන ක්‍රමයක්. හැබැයි මේක දැනුවත් කරන්න ඕනේ. කරන්නි පූජාවට්ටියක් ගිහිල්ලා හිටන් දීලා ඉවරලා හිටන් දුන්නට පස්සේ ඕකේ පොල් ගෙරියකුත් තියෙනවා. කපුරු පෙත්තා තියලා පත්තු කරලා ඒ

මොකටද දැහුවොත් හතුර හැඳි ගෑ ඇවිල යන්න පොල් ගහන්න. එහෙම එහෙුත් ඔය අස්සේ කරන අර පූජාව වට්ට උඩින්ම තියෙනවා. දැන් මොකක්ද මේ කරන්නේ? අර බලාපොරොත්තු ඔක්කොම ඉවරයි එතනින්ම. අර ලැබෙන්න තිබිච්ච ආශිර්වාදය සියල්ල බිදිලා ගිහින් ඉවරයි ඔය වැඩෙන්. බලාපොරොත්තු වුනේ පිනක් කරගන්න මනුස්සයාගේ ආධාරයෙන්. මනුස්සයා මොකද කරලා තියෙන්නේ? දෙවියන්ට ගිහිල්ලා පවක් කරවා ගන්න හදනවා. දෙවියන්ට ගිහිල්ලා අනිකර හින ගස්සන්න ලිය පඩ යන්න වැඩක් කරන්න පුළුවන්ද කියලා අහනවා. පැත්ත පළත ඉන්න නෑ දෙවි කෙනෙක්. ඒ නිසා තේරුම් ගන්න දේව පූජා කියන ඒවා ඔය තෝරාගන්න ඕනේ. යස්ස පූජා වෙනයි. පූජා වෙනයි. දෙවියන්ගේ කියලා රූපයක් ගහගෙන හදාගෙන සංකේතවත් කරගත්තත් වැඩක් නෑහැ. කරන්නේ යස්ස වැඩම් ඒක යස්ස පූජාවක් වෙනවා. ඉතින් හුඟාක් දේවාලවල තියෙන්නේ දේව පූජා කිව්වට යස්ස පූජා

ඒ කියන්නේ පූජාව තියන්න යන්නේ මොකටද කියලා බලාපුවහම හොඳට පැහැදිලියි. පොඩ්ඩක් හෝ විවිසි කරලා පරිවේෂණයක් කරන්න ඕනනම්. ඔය පූජාවට තියෙන ස්ථානයකට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න පිරිසේලා ටික ටික සම්බන්ධ වෙලා කතාබහ කරලා බැලුවොත් උන්න මොකද අද ආවේ මේ පූජාව තියන්න. වරන්නකෝ හරි වැඩක්නේ අපිට වෙලා තියෙන්නේ. මට මෙහෙම අුක්තියක් අසාධාරණයක් වෙලා තියෙනවා ඕක වෙන කරන්න දෙයක් නෑහ. ඕකට හොඳ පාඩමක් ගන්න තමයි මේ පූජාව තියන්න ආවේ. බලාපොරොත්තු එතනම තියෙන්නේ කාගෙන් හරි පළිගන්න තමන්ට කරපු අුයක් අසාධාරණයක් දැකලා හෙන ගහපන් කියලා උඩ යදින්න. ඒක තමයි අර පූජාවට්ටියත් එක්කලා පොල් ගිඩියක් තියෙන්නේ. මොකද ඒ පොල් ගිඩිය තියන්නේ කියලා ඇහුවොත් අර දොස් දුරු වෙන්න කියලා පොල් ගිඩිය පොළොවේ ගහනවා. නැත්නම් ගලක් ගලක ගහනවා. ඔලුවටේ කරකෝලා. ඉතින් ඒ වෙලාවේ තමන්ගේ හතුරෙක් එහෙම හිටියා නම් මේ පොල් ගෙඩිය ගහන්නේ ට ඌවළුවලා පොළොවේ

ගැහුවා ඔයාගේ හිතාගෙන මහ සාප හිතක් පිට කරලා යවන්නේ. ඕකට දෙයක්ුත් ආධාරයක් ඉල්ලගන්න තමයි දේව පූජාව තියන්නේ පූජාව පටියා කරයි යන්නේ. කවදාවත් දෙවි කෙනෙක් ඔය වැඩේ කරගන්න ඔතන ඉන්නේ නෑ. දෙවියන්ගේ තියෙනවෙන පුණ්‍ය පහළ වෙච්ච දිවැසකට රෝග පෙන්නනම් දෙවියෝ පේන පළාතට එන්නේ නැහ. ඒ තරම් බයයි ඒකට තමන්ට මහා විනාශයක් එන බව දන්නවා. ඒ වෙලාවට ඕකට ගානක් නැති පිරිසක් ඉන්නවා යස්ස කොටස්. ඒ යස්ස කොටස් වලට කිසි ප්‍රශ්නයක් නෑහ. උන් ඒවට බය නෑ. ඔවුන් ඒ ජාතියේ ශරීරය ලබාගෙන ඒකට ඉපදිලා ඉන්න එ. උන් ඔය දොලපිදෙනිය වගේ ඕක බාර අරගෙන අර කිව්ව දේවල්ට ඔවුන්ට පුළුවන් ඉඩිය උදව් උපකාරය කරනවා. ඉතින් දේවාලේ හරි හාස්කම් මොකද ඕජාවට්ටියේ තියලා නම් පොල් ගෙඩියක් ගහලා ආවා අං අරුට අත කැඩිල, බය කැඩිල, බස් එකේ වැල්ලලු. ඉතින් මොනවාහරි ආපදාවක් වෙලාලු කියලා

ඉතින් හිතානවා දේවාලේ හරි හාස්කම තියෙනවා. ඔය විදිහට. ඉතින් මේවා තෝරගන්න ඕනේ යක්ෂාලා මිසක් දේවාල නෙමෙයි. දෙවියෝ ආලය කරන යම් දෙයක් තියෙනවා නම් ඒකට කියනවා දේව ආලේ දේවාලය යක්ෂ ගතිය ඇත්තෝ යක්ෂය ආලේ කරන යමක් ඇත්නම් ඒක යක්ෂලයක් එනවා. නම කිව්වේ නැතුවට යක්ෂ නවත් තිබුනේ නැතුවට ඒවට කියන්නේ යක්ෂ. ඉතින් ඒ නිසා එබන් තැන් වලට ගෙනහිල්ලා අපි දැනගන්න නැනේ දේව පූජා කියලා කිව්ව පලියට සියල්ල දේව පූජා නෙමෙයි. ඕවා තෝරගන්න ඕනේ. තෝරගෙන එහෙම හරියට දේව පූජාවක් දීමේ ක්‍රමවේදක් තියෙනවා. එකක් තමයි ඒ දෙවියන් උදෙසා පූජාවක් අර විදිහට තියලා. නැත්නම් දානයක් දෙවියන්ට උදසා පූජා කරලා. ඒක දෙවියන්ට හිමි කරලා, භාර කරලා දෙවියන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ මනුස්ස ලෝකේ හිටියා වගේ අපිටත් අනේ දානයක් දීලා පිනක් කරගන්න ඇත්නම් තව කොච්චර වටිනවද කියලා. ඉතින් අපිට දැන් මනුස්ස ලෝකේ අයිතියක්

නෑනේ. අන්න අයිතියක් බාර දුන්නා. අපේ නම කියලා අපිට භාර දුන්නා. අන්න ඒක තමයි දෙවියන්ට භාර වුණා කියන්නේ. භාර කළා කියන්නේ. එතකොට දේවතාව දන්නවා මනුස්ස ලෝකේ යම්කිසි කෙනෙක් අපිට පරිත්‍යාගයක් කරලා තියෙනවා. ඒක දැන් අපේ දැන් අපේ බලාපොරොත්තුව මොකක්ද ඒ දානය අර ඉස්සෙල්ලා දුන්නා වාගේ දානය මනුස්සයි දෙන්න. ඉතින් ඒක කරන්නත් අපිට බෑනේ. අන්න ඒකත් භාර ගත්තා ඒ අය. දැන් මොකද කරන්නේ? අපි වෙනුවෙන් ඒ දානේ දෙනවා. එහෙනම් දැන් අපිට පූජා කරවා කියන්නේ අපිට භාර කරපු දේ. අපි සතුි. දැන් අපි වෙනුවෙන් යම්කිසි කෙනෙක් කැඩේ කරනවා නම් ඒකත් අපි අනුමත කරගන්නවා. එහෙනම් මේක දේවත්තටලා හිටියා මනුස්ස ලෝකේ කරපු මා දානයක් අපිදු අතින්ම දුන්නා වෙනවනේ. අන්න ඒ විදිහට දේවතාව ඉතාම සන්තෝසයෙන් ඒ පින අනුමෝදන් වෙනවා කිව්වේ ඕකයි. එහෙම වුනහම විශාල යහපතක් වෙනවා. ඉතින් ඕක කරන්න දේවාලයටම යන්න ඕනේ නැහ.

ඕන කෙනෙකුට පුළුවන් නම් ඔය කොහෙරි ගිහිල්ලා වන්දනා වැඩයක් යන්න තැනක් වුනක්ක කමක් නෑහැ වැඩිය හොඳයි එහෙම අයට චිත්ත ප්‍රසාදයෙන් කටයුතු කරන අය ඉන්නවා නම් ඒ අයට වැඩිපුරම හොඳයි. යම් යම් ප්‍රදේශවල ගැවසෙනවා නම් එහෙම පිරිස් ඔය දන් සැලක් දාගන්නා වාගේ ඔය ක්‍රමයක් හදාගෙන ඔන්නම් පුළුවන් ගිහිල්ලා එහටම් හොඳ මොනවාහරි අවශ්‍ය කරන්නා වූ ඒ ඵලතුරු කැවිලි වගේ මොනවාහරි ආහාර ඔහොම හදලා දෙවියන්ට ම ඉස්සෙල්ලා දෙවියන්ට භාර කරනවා. පටන් ගන්නකොට දන්නවා මේ දෙවියන්ට භාර කරන්නේ දෙවියන්ට පූජාවස්තු නැති නිසයි. මිනිස්සුන්ට දන් දෙන්න. ඒ නිසා මිනිසුන්ට දන් දෙන්න ඕන වන්නාවූ මේ කැවිලි පළතුරු ආදී දේවල් ිතස්සෙලා දෙවියන්ට භාර කරනවා. භාර කරලා ඉවරලා හිටම් දෙවියන්ගේ ඊළඟේවා හිටු කරලා දෙනවා. වහලයෙක් නෙමෙයි. උදව්වක් චිත්ත ප්‍රසාදයෙන් කරන උදව්වක් ඒකත්. මොකක්ද බලාපොරොත්තුව? ඒ මනුස්සයෝ වෙලා

ඉන්න කාලේ දේවතාෝ මනුස්සයෝ වෙලා ඉන්න කාලේ කළෙත් ඔය ටිකයි. තමන්ගේ තිබිච්ච මුළු දේපොර හිතන් දන් දුන්නා. ඉතින් බොහොම සන්තෝසයෙන්. එහෙනම් අන්න ඒ කාරණය ඒ අය වෙනුවෙන් අපි අද කරලා දෙනවා කියලා. ඔහු ඔය විදිහට තේරුම් අරගෙන ඉවෙරලා හටම් ඒ දේවතාව වෙනුවෙන් දන් දීලා ඒ ටික කරා නම් අපිට ඔන්නම් කියන්න පුළුවන් ඔවුන් දේවතාවන් වහන්සේ ඔබ වහන්සේලා උදෙසාත් නැත්නම් ඔබතුමන්ලා උදෙස. අපි දානයක් ඔය විදිහට සකස් කරලා දුන්නා. දැන් ඉතින් ඔබ කරගත්තා සමානය පුණ්‍යනුමෝදනාව සිද්ධ කරගන්න. දැන් ඉතින් අපි ඔබලට මේ උදව්ව කළා. ඉතින් ඔබලාගේ සිරිත ඔබලා ඉතින් යුතුකම ඔබලා ඉටුටු කරගන්න එක ඔබගේ වැඩක්. අපිට නම් වැදගත් යුතුකමක් යහපත් දෙයක් කරලා දුන්නා උපකාරයක්. උපකාරයට පෘතෝපකාර කරන එක උතුමන්ගේ සිතක්. ඒනිසා ඒ කෘතෝපකාරය පරිදි ඔබලට මොකක්ද කරන්න තියෙන්නේ? අපිටත් නොපෙන පැත්තක් මේ ලෝකේ තියෙනවනේ.

ඒ පැත්තෙන් හතුරු කරදර හිංගි හිංසා එනවා. ඉතින් ඔබලට ඒක පේනවා නම් ඒකට ගත යුතු පියවරක් අරගෙන අපිට නිදහසක් කරලා දෙන එක යුතුකමක්. හැකියාවක් තියෙනවා නම් එහෙම කරන එක හොඳයි. ඔන්න ඔහොම විතරක් දැනුම් දෙනවා ඉල්ලීම් කරන්නත් බැගැහපත් වෙන්නත් යන්නේ නැතුව බලන්න කිසිම දෙයක් නෑ දේවතාවෝ අත දරුවෙක් ආරක්ෂා කරනවාා වාගේ ඒ පුද්ගලයෝ රකිනවා කරදරයක් වෙන්න නොදී. ඒක ප්‍රයෝග සම්පත්තියක්. ඒක යහපතක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර සුනීද වස් කාල දෙන්නා ඔය පාටලී ග්‍රාමී ඇමති ගමක් හදලා ඒ තමන්ට ගම හැදීමේදී ඒවට උදව් උපකාරක කරපු දේවතාවෝ සිහි කරලා ඒ දෙවියන් උදෙසා කරන්නා වූ දානයක් වශයෙන් බුදුරජාණන් වහන්සේට දානයක් දීලා ඒ දෙවියෝ විසින් බුදුරජාණන් වහන්සේට කරන පුද පූජාව සමානව ඒ ටික ඒ අය කරලා දීලා ඒ පින අනුමෝදන් කළා. ඒ අනුවද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මව්

කෙනෙක් තමන්ගේ අත දරුව ආරක්ෂා කරගන්නා වාගේ මේ යුතුකම් යහපස්සේක ඉටු කරලා ඒ කටයුතු කරලා දෙන මනුස්සයාට දේවතාව බොහොම ප්‍රියයි. ඒ ආකාරයෙන් දේවතාව ආරක්ෂා කරන නිසා අභිවෘද්ධියක් මිසා කවදාවත් ඒ මනුස්සයාට පිරිහීමක් ලැබෙන්නේ නෑ කියලා. ඉතින් මේ ටික දේශනා කරලා තියෙනවා ඔය සූත්‍ර වල විග්‍රහ වෙලා තියෙනවා දීඝ නිකාය තියෙනවා විස්තරයක්. මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලදී පැහැදිලිව පෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දෙවියෝ නෑ කිව්වේ නෑ. දෙවියන්ට දෙවියන්ගෙන් රැකවර්ණයක් ආශිර්වාදයක් නෑ කිව්වේ නැ. ඒකේ ලබාගත්තා කියලා ඒක නානකයි කිව්වෙත් නෑ. හැබැයි දකින්න ඕන ඒක මේ ලෞකික වශයෙන් දෙන හැසිල්ලා සම්බන්ධයක් මිසක්. නිවන් දක්වන්න නම් දෙවියන්ට බෑ. ඒක දෙවියන්ටත් නිවන් දක්වන්න අවශ්‍ය කරන බණක් කියන්න හරි අහපල්ලා කියලා ඒකට මග පෙන්නලා දෙන්න හරි මනුස්සයෙහි පුළුවන්.

ඒ නිසා මනුස්සයෝ දැනගන්න ඕනේ ලෞකික වශයෙන් තමන්ගේ ආරක්ෂාවක් දෙන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ප්‍රයෝග සම්පත්තියෙන් හරි යහපත් ක්‍රමවේදයන්ගෙන් හරි ඒවා එහෙම කරගන්න. ඒ වගේම කෙනෙකුට හිංගියක්, හිංසාවක්, වෛරයක්, ක්‍රෝධයක් අංශු මාත්‍රයෙන්වත් ඇතිවෙන්න කටයුතු නොකර ඉවසීමෙන් කටයුතු කරගන්නත් මනුස්සයෝ දැනගන්න ඕනේ. එහෙම කටයුතු කරනයි යහපතා සිද්ධ කරලා තමනුත් පින්දහම් කරගෙන ශාසන මාර්ගය අනුගමනය කරලා නිවන් මගේ ඒ තුළින් සපයාගන්න බලාපොරොත්තු වෙන්න. මෙහෙම කරනකොට මෙලොව අභිරවෘද්ධියත් ලැබෙනවා, පර්ලෝවා අභිරවෘද්ධියත් ලැබෙනවා නිවනත් සකස් වෙනවා. ඉතින් ඕක ඔහොම තේරුම් බලන්න කටයුතු කරගන්න එතකොට ප්‍රශ්නයක් නෑහ.