Waharaka Dhamma
Arunodaya-25

Talk Arunodaya-25

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

මේක ප්‍රශ්නයක් තියෙනවා ආර්ය මෛත්‍රී භාවනාව වැඩුවෙමි එයින් යම් සමාධියක් ලබා ඇතැයි සිතමි දැන් දුක්ඛප්පත්තාච නිත්්දක්ඛා ආදී ගාථාව කර්මස්ථානයක් ලෙස ගෙනද එම සමාධි අවස්ථාවට පැමිණිය හැකි බව හැඟී මෙහිදී මෙගින් පෙර දීර්ඝ මෛත්‍රී භාවනාවෙන් මෙන්ම එහෙම මගිනුත් සසර ණය නිදහස් වෙන්න පුළුවන්ද කියන එකයි අහන්නේ. යම් සත්ව පිරිසත් සිහි කරලා දුක්ඛත්තාච නිත්්දක්ඛා භයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ කියන මේ සියලු ප්‍රාණීන් සිහි කරලා එතකොට ඒ අයට යහපතක් පතනවා නම් ඒ යහපත

පතනකොට අපෙන් වෙච්ච අවිඩක් තියෙනවා නම් අවඩට අප්‍රමාණ යහපතක් දෙන ශාන්තියක් ඒ අයට පතනවා. ඒ අයට ආශිර්වාදයක් ඒ අය සඳහා කරනවා. එහෙම කරනකොට යම් චිත්ත ශාන්තියක් ඒ ලෝක සත්වයන්ට විහිදෙනවා. ඒ විහිදෙන ශක්තිය තුළුත් අපෙන් යම් යම් සත්ව පිරිස වලට අවඩ අසාධාරණ වෙලා තියෙනවා නම් ඒවට ණය ගෙවීම සිද්ධ වෙනවා. කෙනෙකුට අවිඩක් සිද්ධ කළා නම් ඒ කියන්නේ කෙනෙකුටගෙන් ණය මුදලක් ගත්තා නම් කෙනෙකුට ණය වුනා නම් ඒ ණය ගෙව්වා නම් ඒ ණය නයෙන් නිදහස් වෙනවා. අන්න ඒ වගේ අපෙන් කෙනෙකුට අසාධාරණයක් ඇවැඩක් වුනා නම් සාධාරණයක් වැඩක් සිද්ධ වෙන යමක් කළා නම් ඒක ප්‍රබල විදිහටම කෙරුණොත්. අර ණයෙන් නිදහස් වෙන්න හේතු වාසනා ලැබෙනවා. ඉතින් මෙත්තාසහාගත හිතක් වඩලයි ආශිර්වාදය ලෝක සත්‍යයාට පතනවා නම් කෙටියෙන් කළත් දීර්ඝව කරත් ඒකේ ශක්තිය නැගෙනවා. ඒ දීර්ඝව විස්තර කරලා

දෙන්නේ ටිකක් හොඳට විස්තර ඇතුව හිතට ධාරණය වෙනකන්. සුවපත් වෙත්වා කියන වචන කිව්වත් ඇති ඊට පස්සේ. හැබැයි ඒ වචන කියනකොට අර අපි දීර්ඝව කරපු විස්තර ඔක්කොම හිතට එන්න ඕනේ. ඒ ගහනට ප්‍රගුණතාවය ලැබෙන්න ඕනේ. එතකොට පුළුවන් ඒ සුවපත් වෙච්චා කියන වචනයෙත් විශාල බලයක් ගැබ්බෙනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවලදී ඒ ශාන්තිය අපේ හිතට එනවා නම් සියලු සත්වයෙන් සිහිවෙනවා නම් සියලු සත්වයින්ටම යහපතක් වෙත්වා කියනවා ඒ කරුණා මෛත්‍රී අධිෂ්ඨානයක් හිතට ආවත් ඒක බලපානවා ලෝක සත්වයාට යහපතට මා විශාල වශයෙන් බලපානේ නැහැ. ඒ කියන්නේ මොකද එක සත්තියෙක් කරන ශාන්තිය මුළු ලෝකයම පරිවර්තනය කරන්න බැහැ. ඒක සාමාන්‍ය කෙනෙකුට සක්විති රජ කෙනෙක්ගේ පුණ්‍ය

මනුස්ස ලෝකයට බලපානවා. යහපතක් වෙන්න හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ මෛත්‍රී ශාන්තිය විහිදවනකොට අප්‍රමාණ සක්වලටත් ඒ ශාන්තිය විහිදිලා සත්වෙන්න යහපතක් වෙනවා. හැබැයින් යහපතක් වෙන එක තේරුම් ගන්න ඕනේ ඊට හේතු වෙන ආකාරයට තමන්ගේ පරිසරය හැදිලා තියෙන්න ඕනේ. එතකොටයි ඒ විහිදෝන ශාන්තිය ඒ සත්වයින්ට ඇදිලා එන්නේ. එහෙම නැතුව ලේසියෙන් හේතු වාසනා නැත්නම් ඒ ශක්තිය ගැප් කරගන්න දෙන්න බැහැ. අපිට ප්‍රත්‍ය දෙන්න පුළුවන්. හේතුව ඒ අයතේ තියෙන්න ඕනේ. සත්වයින්ට හේතු තියෙනවා නම් දෙන ප්‍රත්‍ය ලැබෙනවා. හේතු කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ අත්හැරලා අලෝභ, අද්වේශ, හමෝ නැගෙන විදිහට යමෙක් කටයුතු කරගෙන තිබුණ ගති ලක්ෂණ

තිබුණා නම් ඔහුට හේතු තියෙනවා ලබන්න. ඒ නිසා අපි ඉතින් කරපු යම් යහපතක් ඇත්නම්. ඒ යහපත ප්‍රත්‍ය වෙනවා ඒ අයට අනුමෝදනා කරවනකොට පිණ්පෙවනකොට මේ කාරණා දෙකම සිද්ධ වෙනවා. මේ අනුමෝදනා කියන වචනය මේ ප්‍රශ්නයකටත් අහලා තිබුණා මේ මෙතනම තියෙන ප්‍රශ්නයකට. අනුමෝදනා කරන්නේ නැත්තිව පින් දෙනවා විතරක් කරන්නේ මොකද කියන ප්‍රශ්නයක්. අනුමෝදනා කියන වචනය විවිධාකාරයෙන් වෙනවා. අනුව ඕදනය කරනවා කියන එක තමයි අනුමෝදනා කියන්නේ. අනුදනා කියන එක තමයි අනුමෝදනා වෙන්නේ. ඕදනය කරනවා කියන්නේ අපි අද හෝදනවා කියන වචනයන්ටක අපි සිංහල වචනයෙන් කියනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් අපි කරපු යහපත් සුද්ධ දේට අනුව ඔහුටත් ඒ තත්ත්වය ඇති කරන්න සුද්ධ කරන්න පුළුවන් යම්කිසි ශක්තියක් තියෙනවා නම්

අන්න ඒකේ තියෙනවා අනුමෝදනාව අනුව සෝදා හරිනවා. තමන් ශුද්ධ වුන දේට අනුකූලව අනිත් අයටත් ඒ ශාන්තිය පතුරවනවා. එතකොට හේතු තියෙන අයට ඒ ප්‍රත්‍ය ලැබෙනවා. ලැබිලා සුද්ධ වෙනවා. කෙලෙස් කසට සුද්ධ කරගන්න ඕන. ඒක තමයි හේතු තියෙන්න ඕනෑ කිව්වේ. ලෝභ, ද්වේශ, මෝහ කියන පාප, හේතු අයින් කරගන්න එක තමන් සතුම දෙයක්. ඒක කාටවත් කරලා දෙන්න බැ. අලෝභ, අද්වේශ අමෝහ ඇති කරගන්න එකත් තමන් කරගන්න ඕනේ. හැබැයි අපි එහෙම කෙනෙකුට යහපතක් කරලා අහු කරා යොමු කරනකොට ඒ අපි කරපු යහපත් ශක්තිය ඔහුට ඇදෙන්න ඔහුගේ හේතු ලැබෙනවා. ි හේතු ඇති පුද්ගලයාට පත්තානුමෝදනා කළ හැකියි. පත්ති දාන පත්තානුමෝදනා

අර ප්‍රත්‍ය කියලා කිව්වේ ප්‍රත්‍ය කියලා වචනයක් තියෙනවා. හේතු දකින්න ඕනෑ ප්‍රත්‍ය දකින්න ඕනේ. මේ කාරණා දෙකක්. යමක් සිද්ධ වෙන්න නැගී සිටින්න යහපතක් වුනත් ඒකට ප්‍රත්‍ය ලැබෙන්න ඕනේ. හැබැයි හේතු තිබුනොත් තමයි ඒක හරියන්නේ. විය ඇටයක් අරගෙන ගලක් උඩට විසි කරනවා. පැලවෙන හේතුව වය ඇටේ තිබුනට ප්‍රත්‍ය නෑ ලබාගන්න. ගලවුඩ ප්‍රත්‍ය තියෙනවා කුඹුරේ. වල් පැලෙල්ලා ඔක්කොම සුද්ධ කරලා බින්නුන් කොටලා හාලා මඩවලා ඔක්කොම කරලා හිටම් හැදුවට පස්සේ ඒක මූරන වීට ටික දානකොට පැලවෙන්න හේතු වී ඇටේ තියෙනවා. ඒක වැඩෙන්න ප්‍රත්‍ය පොළොවේ රසයේ තියෙනවා. ජලය, උෂ් පොහොර ආදී සියල්ල ඒවා ප්‍රත්‍ය වෙනවා.

ප්‍රත්‍ය දුන්නොත් හේතු තියෙනවා නම් හොඳට හැදිලා එනවා. හැබැයි කොච්චර පෝර දාලා වතුර දාලා හැමදේම හදලා තිබ්බත් අර කුඹුරේ හදලා තිබුනට වී හැටියක් විසි කළේ නැත්නම්, පැදු ඒක වැපරුවේ නැත්නම් නේ පැලේ හිටෙව්වේ නැත්නම් ප්‍රත්‍ය එතකොට හේතු නැති නිසා ප්‍රත්‍ය දුනට වැඩක් නෑ. අන්න ඒ වගේ අපි හේතු තියෙන්න ඕනේ. පුණ්‍යානුදනා කරනකොට ඒ පින ලැබිලා එයින් සශ්‍රීක ඒ පුද්ගලයන්ගේ හේතු තියෙන්න ඕනේ. අලෝභ අද් අමෝහ කියන මේවායින් ගොඩනගාගත්ත මානසිකත්වයක් ඒ සත්වයිට තියෙනවා නම් අන්න ඒ ශක්තිය තිබුණ කෙනාට තමයි හේතු ලැබිලා තියෙන්නේ. එතකොට ඒ අයට දෙන ප්‍රත්‍ය ලැබෙනවා. මෙත්ඳක් වැඩුවත් ඒ හේතු යටපත් වෙලා තියෙන්න පුළුවන් කෙනෙක්ගේ. එහෙම තිබුනොත් ඒ මෙත් හිත වැඩීමෙන් ඒගේ මානසිකත්වය සුද්ධ වෙනවා.

එහෙම අවස්ථා තියෙනවා. එක අවස්ථාවක එක්තරා මානක්කාර පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේට හමුවෙන්න ගිහිල්ලා උන්වහන්සේට ඔන්නම් මට කතා කරායි. මම යන්නේ නෑ උන්වහන්සේ හැහාට මෙහෙම අදහසකින් හිටියා. උන්වහන්සේ මෙත්සිතක් පැතරවා යම් හේතු වාසනාවක් තියෙන පුද්ගලයෙක් කියලා දැක්කට පස්සේ දැකලා. බඩිකින්නේ මේ කිරි හොයාගෙන යන වහු පැටියෙක් වැති හොයාගෙන යනවා අවාගේ විදාහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැද වැටින ගිලා පෙන්නනවා. දැන් මෙහෙම අවස්ථා තියෙනවා. ඒ මෙච්ච සිත ලබන්න සතෙකුට හරි මනුස්සයෙකුට හරි දිව්‍ය බ්‍රහ්මාදී කෙනෙකුට හරි හේතු ලැබිලා තියෙන්න ඕනේ. එහෙම හේතු තියෙනවා නම් තමයි අර ප්‍රත්‍ය

ලැබෙන්නේ. ශාසනික හේතුව ලබන්න ඕනේ ශාසන ප්‍රත්‍යය ලබන්න බුදුරජාණන් වහන්සේ හෝ සංඝරත්නය හෝ උදෙසා ශාසනය උදෙසා දානමාන පූජා සත්කාර කරලා තියෙන අයට ඒ ප්‍රත්‍ය ලබන්න හේතු වාසනාව ලැබෙනවා. අලෝභ අද්වේශ අමෝහ නැගෙනවා. ශාසනය කෙරෙහි ලෝභයෙන් තොරව දන් වුනහම අලෝභ ලැබෙනවා. ශාසනය කෙරෙහි මෙත්තා සහගත හිතකින් කටයුතු කරනකොට ඒක ආර්ය ගුණයට හම්බන්න හේතු වෙන අලෝභය අද්දේශය ලැබෙනවා. ඒ වගේම බණ පදයක් හරි අහලා අවබෝධයට නෙච්ච කෙනාට දහම් අවබෝධ කරන්න හේතු වෙන අමෝහ ගුණය වැඩෙනවා. අන්න ඔහුට හේතු තියෙනවා. බුදුරජාණන් වහන්සේ හෝ ඒ වගේම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ ධර්ම දේශනා කරනකොට දේශනාව ශ්‍රවණය කරන ප්‍රත්‍ය ලැබෙනවා.

අන්න ඒක තම පර්තව ගෝෂක හේතු නෙමෙයි කිව්ව පර්තව ගෝෂක ප්‍රත්‍ය ප්‍රත්‍යය ලැබෙනකොට අවබෝධය ලැබෙනවා. හේතු නැති කෙනාට කොච්චර ප්‍රත්‍ය දුන්නත් වැයක් නැහ. කවද හරි හැබැයි ඒ අය හේතු ලබාගත්ත ඕන ඒ වෙලාවේදී ඔහුට ප්‍රත්‍ය හැදිලා එන්න පුළුවන්. ඒ නිසා සියලු සත්වයෙන් කෙරෙහි මෙත් හිතක් වඩන එක අපි විසින් කරනවා. අපි විසින් දයානුකම්පාවෙන් කරන යුතුකම ඒක. ඒක සිද්ධ කරන්න එක අපි යුතුකමක්. ඉතින් අපි යම්කිසි කෙනුට අවිඩක් අසාධාරණයක් වෙලා තිබුණම් ඒ වචන සිහි කරලා එහෙම දෙනකොට කොහේ හිටියත් ඒ ශක්තිය ඇදිලා ඒ අය කරා යනවා. එහෙම ක්‍රමයක් තියෙනවා ඒක තමයි මේ මනසේ ස්වභාවය. සියලුම කොම්පියුටර් වලට වැඩියේ. අති සූක්ෂම කොම්පියුටරයක් මනස. දිවැසක් ඇති කෙනෙක් ඒ වගේම හිතුවොත් එහෙම

කාගේ හරියේ දමක් සිහි කරලා දණ හදුන කෙනෙක්ගේ හරි. නමක් සිහි කරලා හිටන් ඇලුව කොහෙද ඔහු ඉන්නේ මොකද වෙලා තියෙන්නේ ආදී වශයෙන් හිතුවොත් ඒ මනස ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙලා ඒ අවස්ථාව අරමුණු වෙනවා. අන්න එහෙම ක්‍රමයක්. නමුත් ඒක දියුණු කරපු මනසකට මිසක් සාමාන්‍ය මනසකට එන්නේ නැහ. ඒ මනස එහෙම ක්‍රියාත්මක වෙන බලයක් තියෙනවා. පොඩි හෝඩුවාක් දුන්නත් ඇති. ඉතින් අපෙන් අවෙඩක්, අසාධාරණයක්, වරදක් ප්‍රමාදෝෂයක් යමෙකුට වෙලා තිබුණා සසරේදී. ඒ අය කරා විශේෂයෙන් මේ ශක්තිය පේන ශාන්තිය පතුරවනවා කියලා අදහස ගන්නකොට අපි දන්නේ නෑ ඒ ටික විහිදිලා යනවා. ඒ ක්‍රමවේදයක්. දැන් මැරිච්ච කෙනා කොහේ ඉන්නවද අපි දන්නේ නැහ. ප්‍රේතත් බැවක ඉන්නවද නැත්නම් වෙනත් බැවක ඉන්නවද අපි දන්නේ නැහැ. නමුත් පුණ්‍යානුමෝදනා කරනවාගේ නමසී කරලා.

ඔහු කරා ගමන් කරනවා. ඒ ස්වභාවය ඒක තමයි කියන්නේ සවයංක්‍රිය ක්‍රියා ස්වභාවයක් ඒ ශක්තිය තියෙනවා. බුදුරජාණන් වහන්සේට උපමාවක් දෙනවා. මේ වසන මහා වැසි ජලය ඔය වැව්හෙ පුරවාගෙන ගිහිල්ලා ඇලදොල ගංගාවලට ගිහිල්ලා ඒවායින් මුහොඳ කරා යනවා. මෙන්න මේ වගේ මේ දෙන පිණපෙත්තටේ මියගේ ඥාතීන් කරා ගිහින් පිහිටනවා කියලා පෙන්නනවා. දැන් මේ උපමාවෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් වැදගත් දෙයක් තියෙනවා. වහින වරසාවට හිතකුත් නෑ. එහෙම බලාපොරොත්තුවක් ඇතිහෙකුත් නෙමෙයි මා මුහුද කරා යා යුතුයි කියලා. යම්කිසි ධර්මතාවයකින් ඒ වතුර ඒ ක්‍රමයට එකතු වෙනවා. ඇලදොළ ගංගාදියෙන් ගලාගෙන යන වතුර දන්නේ නෑ මේ යන්නේ කොහාටද කියලා. එහෙම හැඟීමක් නෑහ.

නමුත් ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඉවෘදකට මැදි වෙච්ච වතුර පාර ගහගෙන ගිහිල්ලා මුහුදේ තමයි නවතින්නේ. මුහුද දන්නේ නෑ වතුර එන බව. වතුර දන්නේ නෑනෑ මුහුදට යන බව. නමුත් ක්‍රියාත්මකයි. මෙන්න මෙහෙම ක්‍රමයක් පෙන්නලා තමා කිව්වේ ඒව මේවෝදින්නං පේතානං උපකපති යථාවාරී වහා පූරා පරිපූරෙන්ති සාගරං මේ වැසි ජලය මේ තියෙනවා ඇව්හුවෙන් පිරිලා මෙහෙම ගලාගෙන ගිහිල්ලා සාගරය පුරවනවායි කියලා උපමාවක් දුන්නා. ඒවා මේවෝදින්නං පේතානං උපකප්පති. මේ පෙරේත කියන්නේ මල පෙරේතයා කියන එකම නෙමෙයි. ඒ කියන්නේ අර ඉඳිකට සූරක් වාගේ බෙල්ලක් තියෙනවා කියන කලෙඩියක් ආගේ මහා බඩක් තියෙනවා කියන එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. එහෙම කොටසක් ඉන්නවා ඒක අපායක්. මිය ගිය ඥාති හිතාසයෙන් සමහර රටේ හිටපු ආකාරයෙන්මත් ඉන්නවා. ඒගොල්ලන්ට තමන් හිටපු ගෙවල් දොරවල් මතකයි. ඔක්කොටම නෙමෙයි. එහෙම ඉන්න කොටසක් ඉන්නවා

පරතව පජ්ජීවී කියලත් හඳුන්වනවා. අන්න ඒ ප්‍රේත කොටසට. ප්‍රේත කියලා නම කියන්නේ මොකද? අනුන්ට අතපාන්න සිද්ධ වෙලා තියෙනවා අනාථ වෙලා. මෙලොව ඉන්නකොට පිනත් දහමක් කරගන්නේ නෑ දානයක් දෙන්නේ නෑහ මෙහෙම ඉඳලා. ඔය හම්බ කරගත්ත එකක් තියාගෙන තමුන් කාලා බීලා හරි මැරලා යනවා ඉන්නවා හුඟක්. අන්න එහෙම වුනාට පස්සේ එයා අතරමන් එනවා ඒ ලෝකෙට ගියහම. හම්බ කරගන්න ඕනේ කෑම කන්න. සසරේ හැටිත් එහෙමයි. මෙහෙදි හම්ප කරගත්තේ නැත්නම් ඒ පිනක් තිබුනේ නැත්නම් ඔහු අතර මග කරගන්න පින් පරලොව යන කෙනාට නෑ යා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නෑ එයා හිතවතා වෙන්නේ කරගත්ත පින්. පව් කරගත්තොත් ඒ පැත්තත් එහෙම තමයි යන්නේ. ඉන් මෙන්න මේවාගේ අවස්ථාවක් තුළ දැන් දරුවන්ට කන්න දුන්නා කියලා එහෙම අමුතුවෙන් පිනක් හැදිලා නැහ නමුත්

හේතුවක් තියෙනවා. ඒ දරුවෝ දෙන දෙයක් ගන්න ලැබීමක් ගන්න හේතුවක් තියෙනවා ඒ දරුවෝ පෝෂණය කරපු නිසා. ඒදව පියන්න. දන් දුන්නා කියන එක වෙනයි. දරුවන්ට කන්න දුන්නා කියන එක වෙනයි. දරුවන්ට කන්න දුන්නහම දන් දුන්නා වෙනවා නම් එහෙම ඔක්කොම සුගතියට ගිහිල්ලා දෙවුලවත් උපදින්න වෙන්න පුළුවන්. මොකද කවුරුත් දරුවන්ට කන්න දෙනවා. රෑ දවල මහන්සි වෙලා. දවස ගායනෙමත් කරනවා. ඒ වුනාට එහෙම වෙනත් ඉවිලා නැති අවස්ථාවට සාධකමේ අපේ බෞද්ධ කතාවල තියෙනවා. එක්තරා මනුස්සයෙක් උප්පුරු ගෙනිහිල්ලා පැනි හදලා හකුරු හදලා විකුණුලා එහෙම ජීවත් වෙනවා. ඉතින් කතාවක් තියෙනවා මේ මනුස්සයා කිසි දවසක දන් දීලා නැහැු. එකම දානයක් දීලා තියෙනවය කියලයි කියන්නේ. මොකක්ද?

අර උප්පුරු මිටියක් බැඳගෙන යනකොට ළමය කණ්ඩා පස්සෙන් අාලු උපරු කෑල්ලක් ඉල්ලලා. මේක අගෙන් බේරෙන්න බෑනේ කිය මොකද කරන්නේ අර යන ගවම අරියෙන් උපරුක් කෑල්ලක් ඇදලා පිටි පසර විසි කරලා කාපි කියලා යන්න ගියා. ඕක තමයි මතු වුණේ දානයක් දීපු පිනකට. අර ප්‍රේත කියන කොට්ඨාසය උපන්නා. වෙන කන්න මොකුත් පෙන්නේ නෑ උපරුක් වනාන්තරයක් පේනවා. බඩිගින්නට උපරුක් කෑල්ලක් කඩාගෙන ගිහිල්ලා එතන්ට දුවලා යනකොට එතන නෑ. අනිත් පැත්තේ පේනවා. බලනකොට පිටිපස්ස පැත්තේ හැම වෙලේම ගිහිල්ලා බලනකොට පස්ස බලනකොටයි උප්පුරුක් වනන්තරයේ පේන්නේ. ඒ පැත්තට හැරිලා දුවගෙන ගියාම ඒක නෑ. මොකද දුන්න හැටියට ලැබීම හම්බවෙලා තියෙන්නේ. උපරුක් කෑල්ල මැරි පිටි පසර විසි කරලා ගියා ආපන් කියලා. ඔන් කාපන් කියලා. ඒ

විදිහට තමයි තමන්ට හම්බ වුණේ. ඉතින් උපක්‍රමශීලය ඒ ප්‍රේතයා මොකද කරන්නේ? පිරිපස්සරම ගිහිල්ලා උපරුක් ගහලා ගතාම අහු වුණා. කඩාගෙන කෑවා. ඊට පස්සේ ඒ ක්‍රමය තමා අනුගමනය කළා කියන්නේ. ඉතින් ඔය මනුස්සයා භාර්යාවක් හරි දරුවෝ හරි හිටියා නම් ජීවිත කාලෙම ඒ දරුවන්ට එහෙම කන්න දෙන්න ඇතිනේ. භාර්යාවටත් කන්න දෙන්න ඇති හම්බ කරලා. ඒක දානානිසංසයක් දෙන පිනක් වෙලා තිබුණා නම් එහෙම අර උපරුක් කෑල්ලේ පින පහළ වෙන්න ඉස්සලා ඒවා පහළ වෙන්න එපැයි. එහෙනම් තමන්ගේ එකමට දෙන එක එකක්. දානය කියන එක ඊට වඩා ගැඹුරු දෙයක්. චිත්ත ප්‍රසාදයකින් මොනවා හෝ යහපතක් දැකලා අනුකම්පා බුද්ධියෙන් හෝ ඒ දානේ දෙන්න ඕනේ. එහෙම නැත්නම් පූජා බුද්ධියෙන් ගෞරවයෙන් දෙන එකක් නම් ඒක අති විශේෂයි.

ඒ දෙන්නේ තමන්ගේ මමත්වය මුල් කරගත්ත එකක් නෙමෙයි. මගේ හින්දා දෙනවා, මගේ දුව හින්දා දෙනවා, මගේ පුතා හින්දා දෙනවා, මගේ භාර්යාව ස්වාමි පුරුෂයා හින්දා දෙනවා කියන එකක් නෙමෙයි එතන තියෙන්නේ. යම්කිසි පුද්ගලයෙකුට තමා සුද්ධයක් පවරන්නේ ලාභ කීර්ති ප්‍රහංසාවකින් තොරව. අන්න එහෙම එක තමයි මේ පිනත් තියෙන්නේ. ඉතින් අන්න ඒක දකින්න ඕනේ අන්න ඒ වගේ. ඒ දීපු ගහම තමන්ට ලැබීමට හේතු වෙන අලෝභ අද්වේශ නැගෙනවා. ඒ දුන්න දේට අනුකූලව ලබන්න හේතු ලැබෙනවා. ඉතින් මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ අයට දුන්නහම ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දන් දීලා හිටන් පුණ්‍යානුමෝදනා කරන්න ලැබෙන්නේ නෑ. ඔය තිරෝඩ සූත්‍රය පෙන්නලා තියෙන්නේ. ඒ ප්‍රේත රැලට කකුසඳ බුදුරජාණන් වහන්සේට දන් දීලා පුණ්‍යානුමෝදනා කරලා ලැබෙන්නයි තත්ත්වයක් තිබුණා.

කෝනාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාට පින්ඳ දීලාත් ඒ ලැබීම ලබාගන්න බැරි තත්ත්වයක් තිබුණා. බොහෝම වේගයෙන් දුක් වෙලා අඬන්න පටන් ගත්තා අනේ ස්වාමීනි මීට ඉස්සෙල්ලා කකුසඳනම් බුදු කේෙක් පහළ වුණා. ඒ කාලෙත් අපි ගිහින් පෙනී සිටිලා ඇහුවා අපිට සැනසිල්ලක් නැද්ද මේකෙන් මේ දුකෙන් ගොඩ ඉන්න බැයිිද උන්වහන්සේ කිව්වා මතු බුදු වෙනවා කියලා කෝනාගමන කියලා බුදු කෙනෙක්. ගිහින් හම්බවෙලා ඒ දානේ එදාට කියලා හිතන් උන්වහන්සේට දෙන දානෙන් ලබාගන්න ඒ පැත් එදා වෙනකන් ඉන්න කිව්වා. උන්වහන්සේ රෝගය පහළ වුනාමත් ගිහින් ඉල්ලුවා. මතුක ආසප කියලා බුදුවරේ පහළ වුණා ඒ කාලට පලලා. ඒ අදහස හම්බ වුණා. කාය බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා බුද්ධාන්තර තුනයි. එදත් අර පිරීතර ගිහිල්ලා අඬ අඬා ඉල්ලා හිටියා. බේරාගන්න නිදහස් කරගන්න ක්‍රමයක්. එතනත් කියනවානේ ස්වාමීනි. එතකොට කියනවා

මතු ගෞතමන බුදුවරන් වහන්සේ නක් පහළ වෙනවා. උන්වහන්සේ හම්බිල්ලා. අණ්ඩ අන්න කියන්න පටන් ගත්තා මේ මේ වචනෙම තමයි අපිට හම්බ වුණේ මෙච්චර කල්. අපිට සහනයක් ලැබෙන්නේ නැද්ද කියලා දුක් වෙලා අඬනකොට උන්වහන්සේ අවස්ථාව දැකලා පෙන්නුවා ඒ කාලට උඹලගේ රජෙක් මේ විදිහට ලෝකේ පහළ වෙනවා බිම්බිාර කියලා. ඔබළ එහෙම නෑ දෑ ඒ කාලේ. අන්න ඒ රජ්ජුරුවන්ට ගිහින් පෙනී සිටලා. ඒ දෙන දානය ගන්න පුළුවන්ට හිමිකම් තියෙනවා. මොකද ඒ අතීතයේ නෑ දැකම දීපු දේ ගන්න පුළුවන් හිමිකම අන්න ඒවායි කෙනෙකුට යමක් දුන්නට පස්සේ දුවට මුදාට හෝ පවුලේ අයට හෝ දුන්නහම මැරිලා ගියාම ඒකට කියනවා ලියේ ඥාතීන්ගෙන් ගන්න පුළුවන් කියලා. ගන්න පුළුවන්කම තියෙන්නේ තමන් ඒ අය පෝෂණය කරපු හේතුවක් තිබිච්ච නිසා. ඒ අයට පුළුවන් කමක් තියෙනවා පින ඒක හේතු තියෙනවා අර පුද්ගලයාට ලබන්න.

අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ වගේ අපෙන් යමියෙකුට අවිඩක් අසාධාරණයක් සිද්ධ වුණා නම් ඔහු අපි දෙන්න දේ ලබන්න හේතු කාරකයෙක් වෙනවා. ඒ හිමිකම ඔහුට තියෙනවා. අපේ යුතුකම වශයෙන් අපි හිටු කරලා ඒ විදිහට කියනකොට ඒ අය කරා කොහේ හිඩියත් ඒ ශක්තිය විහිදිලා, පැතිරිලා පිහිටලා ගැලපෙන ක්‍රමයකින් ඒකේ ප්‍රත්‍යය ලැබෙනවා.ඒ එහෙම ලැබෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි අර සූක්ෂම ශරීරය ඇතුව හිටපු අයට ඒ මොහොතේ ලැබෙන්නේ. අනිත් කෙනෙකුට වාසනාවක් පහළ වෙන්නේ නැහැ. ඒක සකස් වෙලා ක්‍රමවේදයකින් ටිකෙන් ටික ඔවුන්ට ඒ ශක්තිය ලැබිලා ඒ පිනේ ප්‍රයෝජනය ලැබෙන්න පුළුවන්. කිටි ගමන් ගහෙන් ගිඩින්න එකපාර නෙමෙයි. එහෙම කොටසක් ඉන්නවා එච්චර එහෙම ලැබෙන්න. දෙවියන්ට ආදීවන්නනාව අයට දෙනකොටත් ඒ මොහොතෙම ඒ පින් ප්‍රතිඵලය වශයෙන් ලැබෙන විපාක භුක්තිය ලැබෙනවා.

මස්ලිය කයක් ඇති සත්වයෙකුට එහෙම එකපාර ලැබෙත් බැ. ඒගොල්ලන්ට ඒක පිහිටලා හිටන් ක්‍රමක්‍රමයෙන් අවශ්‍ය කරන සිව් පසැක් හරි ඒ සුඛෝබව ගිවෙන්න හේතුකාර ක්‍රමක්‍රමය ඊයේ දෙෂ්චිය ලැබෙන්නේ නැ. නමුත් අහක යන්නේ නැ. එබන්ධ දේත් ලැබෙනවා. අපිට ණය ගිව්වා වෙනවා. ණය ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙ මෙත් වඩලා යහපතට කරන කෙනෙකුට ලෞකික වන්නා වූ යම්කිසි කර්මයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ගෙවිලා හිටන් වැඩිමනක් දුන්නා වෙනවා. අන්න ඒ නිසා තමයි නැවත කාම ලෝකයේ උපදින්න හේතු නැතිවෙලා බඹලෝ උපදින්න හේතුත් ලබන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑහ මෙත් වඩලා පිඳීම බොහොම හොඳයි. හැබැයි ඕකේ දකින්න ඕනේ එක දෙයක් තියෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ දේම ඉල්ලනයි.

තමන් මොනවාහරි ගත්තා නම් ගත්ත දේම ඉලනවා. මට අහන්න ලැබිච්ච කතාවක් තියෙනවා හැබැයි මට තව ත්‍රිපිටක ධර්මය තුළ නම් හම්බ වුණේ නෑ. ඒ කතාව එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මුල් කාලෙක මට කිව්වේ එකක්. මට නම් තවම හම්බවුනේ නෑහ අටුවාත් ඒකෙත් ඇති කොහේ හැටි. විශාල ත්‍රිපිටකේ අටුවාගෙන හුඟාක් තියෙන නිසා සමහර අයට තියෙන්න පුළුවන්. ඒකෙදි පෙන්නනවා භික්ෂූන් වහන්සේලා දෙනවා භාවනා කර කර ඉන්නකොට එක්කෙනාට හාල් කන්දක්ම ඇවිලා පෙන්නුණලු. ඒ හාල්කන්ධ මැදිලා පිරිච්ච කෙනා අනිත් භික්ෂූන් වහන්සේට කියනවාලු ඇවැත්නි හරි වැඩක්නේ භාවනා කරනවට හාල් කන්දක් පේනවනේ. ඒ භික්ෂුවත් කියනවා මටත් හාල්කන්දක් පේනවා. හරි පුදුම වරක්නේ මේක. අපි දෙන්නට මේක විදිහට පේන්නේ කොහොමද කර්මස්ථානය වඩන්න ගියාහම අරමුණු වෙන්නේ

හාල්කන්ද හරි බාධකයක්. ඉතින් මේ කාරණය කියන්නේ බුදුරජාණන් වහන්සේලාට ගිහිල්ලා කිව්වහම එක්කෙනෙකුට කිව්වලු ඒ හාල්කන්ධ මැවිලහම අනිත් කෙනාට පවරන්න කියලා. ඉතින් මැවිච්චහම ඒ දෙන්නට දෙන්න හාල් කඳ පවර ගත්තා. හාල් කඳු දෙකම අතුරු දහන් වුණා. දැන් මේකට හේතුවක් වශයෙන් කියනවා කතාවක්. මේ දෙන්නා පෙර කාලේක හිඟන් නොදෙන්නේ. එකඟෙකුට එදා ලැබුනේ හැලු ධාන්‍ය වර්ගයක් ඒ කියන්නේ හාල්පිටක්වත් ලැබිලා නැහැ. හිඟවන් ගියාට එක්කෙනෙකුට ලැබුණා. මටත් එක්ක හාල් පතක් දාවද මම ඔබට හෙට හිඟවන් ගියාම ඒක දෙන්නම් කිව්වා. ඉන් ලෝභකමේ ඒ තරමින නිකන් නම් දෙන්න කැමති නෑහ. හොරන්තු කරගත්තා එහෙනම් හිටම දෙනවාමද කියලා. පොරදු කරවාගෙන ඔහු කිව්වට පස්සේ

හාල් පොතක් දාලා දෙන්න නැලා ඔය කෑවා. දැන් එක්කෙනෙක්ගේ හිතේ තියෙනවා මම හාල්පතක් ණයට ගත්තා. මේ මනුස්සයා අනික් එක්කෙනාගේ. ඔහුගේ හිතේ තියෙනවා මම මුහුට හාල් පතක් නයට දුන්නා. එදා රෑ එළියනට එකාල නයට ගත්ත එක්කෙනා මැරිලා. හරි වැඩියේ දැන් හාල පතගන්න විදිහක් නැහ. ගත්ත එක්කෙනාට දෙන්න විදිහකුත් නෑ. සංසාරේ ගමන ගියා කාලයක්. අර තිබිච්ච හිතවත්කම කොහොමහරි තිබිලා මේ බුද්ධ ශාසනයකදී පැවිදිලා හිටන් ඒ අවස්ථාවට ලැබෙන්නත් ආවා. හැබැයි හාල් කඳ පොළි වෙලා. දෙන්නටම එකනට පේන්නේ ගන්න තියෙන හාල්කන්ද. අනික් කෙනාට තියෙන්නේ දෙන්න තියෙන හාල්කන්. ඒක දන්න නිසා දෙන්න තියෙන එක්කෙනාගේ හාල් කඳ පාවරන්න කිව්වා ගන්න තියෙන. පැවර වට පස්සේ ණය ඉවරයි. ඊට පස්සේ හාකම් දෙකම අතුරුු දහන් වුනාම

දෙන්නාම නිදහස් වුණා. ඊට පස්සේ සමාධි වඩලා අරිහත් පත්වෙන්න හේතු වුණා කියලා මේ කතාවක් මම අහලා තියෙනවා. මම හැබැයි මම ඕක දැක්ක නෑ අට්කුවක එහෙම තියෙනවා. නමුත් ඒක හොඳ වැදගත් කතාවක්. මේ වගේ මේ සසරේ විද්දා ගනුදෙනු අපේ තියෙනවා. ඒවාය විදිහට පියවන්න ක්‍රම තියෙනවා. අපි හිතෙන් හෝ යම්කිසි කෙනෙකුට අලෝභ පැතුමක්වා නම් අද්වේශ පැතුමක්, අමෝහ පැතුමක් කෙනෙකුට හෝ පැතුවා නම් ඒ පැතුමෙත් විශාල යහපතක් ලැබෙනවා ඒ අයට අපිට පෙන්නේ නැතුවට. මෙන්න මේ ක්‍රමෙන් තමයි සමහර ණය ගෙවාගන්නේ. ඉතින් අන්න ඒ වගේ මෙත් වරලා ණයගයන්ට ගියාම අර බලාපොරොත්තු වෙච්ච හාල්කන්ධ හැදුනා වාගේ. සමහර වෙලාවට ඒකම ඉල්ලන අය ඉන්නවා. ගත්තේ පොල් නම් පොල්ම දියම්. ගත්තේ කොගෙරියක් නම් කොග කෙරියක්මගෙනදිය කවද හරි මට වෙන මොනවා දුන්නත් බැ.

කොර ටිකක් නම් අරන් ගියේ කොස් ටිකක්මක් දීපිය. ඒකම බලාපොරොත්තු වෙනක් තියෙන්නවා. මේ සසරේ හැටි. අන්න එහෙම දේවල් ඇති වුනහම ඔහොම අවස්ථා අපිට එන්න පුළුවන්. භාවනා කර්මස්ථානයක් වඩනකොට ඔහොම එකක් මතු වෙන්න පුළුවන්. ඒ වගේ වුනාම මේක බාධකයක් වෙනවා. එහෙම වුනොත් කරන්න තියෙන්නේ මෙත් වරලා විතරම් මදි. සමහරවට හාල් කන්දක් පේනවා වෙන කරන්න දෙයක් නැත්නම් හාල් කඳක් වෙනු හාල් අරගෙන බත්තු විලා හරි නැත්නම් හාල්ම දානයක් දීලා හරි කමක් නෑ. ඒ පුණ්‍යානුමෝදනාවක් කිසි තමන්ගෙන් අවරිතායට ඒ විදිහට කරන්න ඕනේ. අන්න එහෙම කරපුවහමේ විරුද්ධ අරමුණු නතර වෙලා හිටන් ශුද්ධ වෙනවා මනස. අර තිබිච්ච ඒ වගේ ණය ගෙවෙනවා. ඉතින් එහෙම බාධකයක් තියෙනවානම් තමන්ටම කොහොමහරි ඒක මතුවිලා විපාක වශයෙන් ගවනා තේරෙයි. මේ මේ ආකාරයෙන් මට බාධකයක් එනවා.

ඒකට ගත යුතු පියවර මොකක්ද කියලා ඒ අනුව බලලා ඊට අවශ්‍ය දේ දානම ඒ වශයෙන් දීලා පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. යම්කිසි ආකාරයක පාපයක් කෙරුණ නම් ඉවසිල්ලෙන් ගෙවාගන්නත් ඕනේ. ස්පර්ශ කරම ගෙවන්න පුස්ස පුස්ස ව්‍යන්ති කරෝතිය කියලා පෙන්නනවා. ස්පර්ශ කර ගෙවා හරින්න ඉවසිල්ලෙන්. හුඟා කර්ම එකින් එක කල් යනවා. ගෙවන්න කැමති නෑ. අපි කාට හරි බැන්නොත් අපිට බැනුමක් හිමි. අනුට කරපු එක අපි කරා ඇවිදිල්ලා. හැබැයිුම ඇහුවොත් ඉවසිල්ලෙන් ඒක ගෙවෙන්න පුළුවන්. නමුත් අපේ පුරුද්දක් තියෙනවා ඒ වනා හරියන්නේ නැ. මට බැන්නනොත් මම බයිනවා. මොකද වෙන්නේ? අර විපාකය එනකොට විපාකයාර

ගත්තේ නැ. අන්න එහෙම අවස්ථාවල් වලදී. ඉවසන්න නැතුව ප්‍රතිපාක ප්‍රතිඋත්තර වශයෙන් ඒ අයට බයිනවා. එක්කෝ ගහන වින්ගී කරනවා. එතන කරගත්ත පාපය ආයි ලියලනවා. ඔය ක්‍රමයට පව් ගෙවලා ඉවර කරගන්න බැරි වෙනවා එකට එක කරන්න ගියොත්. හින්දා එක ටික කරනවයි කියන්නා වූ නරක පැත්ත අත්හරින්න ඕනෑ පව් ගෙවන්න. ඒක ගෙවෙන්න අරිනවා. ඉවසිල්ලේ ගෙවන්න ඕනේ. කරන්න දෙයක් නෑ කාට හරි බැන්නනම් සංසාරේ බැනුම් කප්පරක් අහන්න සිද්ධ වෙන්න පුළුවන් ඒකට යවන්දි වශයෙන්. බයින කෙනෙක් බැනපුවාගේ ඉවසිල්ලෙන් යුත්ත ගෙව්වහනම් ඒක ගෙවිලා යනවා. ඊට පස්සේ දිගටම බැරුන්ගෙන්නේ නැ. නොගෙව්වොත් තමයි ජීවිත කාලේ අවසානය නිකන් බැනුන් ඇහුවත් ඒකට ප ප්‍රතිුත්තර වශයෙන්

ඒක ආපහු ඇහුවොත් අර ණය ගෙවලා ඉවර කරගන්න බැරුව යනවා. ඉතින් මේවත් දකින්න ඕනේ ඉවසිල්ලෙන් කර්මවේක ගෙවන හැටි. ඒ විදිහට කරගන්න ඕනේ. ඉතින් යම්කිසි විදිහකින් මේ වගේ මේ මෙත් වැඩීමක් ආදිය කරනකොට ඒකෙනුත් කියන විදිහට ණය ගෙවෙනවා අප්‍රමාණ සංසාරයේ කොයි තරම් ණය වෙලා ඇත්ද ඒවා සීමා කරන්න බෑ. මේ අප්‍රමාණ මෛත්‍රියකින්ම ඒවා ගෙවනවා මිසක්. වෙන කරන්න දෙයක් නෑ. කරපු කර්මවේග ප්‍රමාණවත් වඩන මෛත්‍රිය අප්‍රමාණයි. ඒකයි ඒකේ විශේෂත්වය. අප්‍රමාණ මෛත්‍රියක් වැඩුවොත් ප්‍රමාණවත් කර්මය ගෙවාගන්න පුළුවන් ඒකෙන් හොඳටම වැඩි පරක් දුන්නා වෙනවා. ඒක නිසා අන්න ඒ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ. අප්‍රමාණ මෛත්‍රිය ක්‍රම දෙකක්. නිවන් දැකීමට හේතුකාරකන ශාන්තියක් නම් පැතිරෙව්වේ.

ඒක ප්‍රමාණ කරන්න බෑ වටිනාකම. ඒ හේතු කරෙන අංශු මාත්‍රයක් හෝ යමෙකුට නිවන් මගට අවතීරණ වෙන්න උදව්වක් වුනා නම් අනන්ත සංසාරයේ විඳිට සිටිච අප්‍රමාණ දුක ඉවරයි ඒකෙන්. ඒකටයි උදව් කළේ. එහෙනම් ඒ උදව් මාත්‍රයත් අප්‍රමාණ මිසක් ප්‍රමාණ නෑ. මෙන්න මේක තමා අප්‍රමාණ මෛත්‍රියක ස්වභාවය. අනිර් තමයි ප්‍රතිඵලය ප්‍රමාණ කර නොහැකිය එකක් වෙන්න ඕනේ. යම් සංකතයක් ඇත්්ද නැත්නම් සකස් වුන දෙයක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත් දෙයක්. අප්‍රමාණයක් සංකතයක් වෙන්නේ නෑ. ප්‍රමාණවත් නිවන අසංකතයි. ප්‍රමාණ කරන්න බැ. පමණ කරන වස්තුවක් විතර නැති නිසා. ඒ ඇතනුත් නිවන් මග හෝ නිවන් මග පෙන්නනවා

නම් අප්‍රමාණ ගුණයට ඒකත් වැටෙනවා. ඒ නිසා නිවන මුල් කරගත්ත මෙත් හිත ඒ ලෝක සත්ත්වයන්ට වඩනකොට අනන්ත සංසාරය පටන් තමන්ගෙන් කෙරිච්චන් යම් තරමක් හිතුර තියෙනවද ගෙවලා ගෙවලා අන්න ඒ ටික ගෙවාගන්න අවස්ථාව තියෙනවා. බුද්ධ දහම තුළ පෙන්නන එක තැනක් තියෙනවා අනුමාන කරන්න පුළුවන් දෙයක්. අපි කරපු පුණ්‍ය කර්ම හෝ ගෙවලා ඉවර වෙච්ච නැති ඒවා. කල්ප පටන් මෙහාට තියෙනවා. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකද දුර්භීෂ කාලයක එක්තරා ගමක පිණ්ඩපාත කරපු අවස්ථාවක් දැකලා නිකන්ට රාත පුත්ත දොසපෑ රෙව්වා. මනුස්සයෙට අහිත පිණිස භවත්ගවත තමයි සැරි සරනවා. කන්න බොන්නක් නැතුව ඉන්න මිනිස්සුන්ට

ඒ ගමේ පිණ්ඩපා අත වටිනකොට මිනිස්සුන්ට පාළුවක්නේ වෙන්නේ. ඒ තියන එක දන්දු වුනහම ඒ මිනිස්සු මොනවා කන්නද? ඔය ආදි වශයෙන් අපවාදයක් නැගිවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මුල් කරගෙන මම මෙතැන් පටන් කල්පක් අතීතයට බලනවා. හැබැයි උන්වහන්සේට කල්පන එක නෙමෙයි බලන්න පුළුවන් අනන්තයි. යම් හේතුවක්යි කල්පනුව එකක් කියන්න ඕනේ. එදාපටන් මේ වෙනතුරු දානයක් දීම හේතු කරගෙන පිරිච්ච කෙනෙක් මම දැක්කේ නෑ කොහෙවත්. ඒක වෙන්නේ නැති දෙයක්. වස්තු පිරිහන්න තියෙන වෙනම කාරණා කොටසක් විග්‍රහ කළා. කිසි කෙනෙකුට දන් දුන්නා කියලා පිරිහීමක් වෙන්නේ නැ. ඒක දෘෂ්ටියක්. මිසතිටු අදහසක්. එහෙම කියනවා නම් හිතනවානම්. අන්න ඒකයි ඒ කිව්වේ විග්‍රහ කරලා දුන්නේ ඒ වගේ දානයක් දුන්නහම ඒ දානේ කල්පූක් යනකිනුත් ඒ ආනිසංස

ලැබෙනවා. පිරිහීමක් වෙලා දැක්කේ නෑ කිව්වෙත් ඒකයි. එහෙනම් ඒ කාලයෙන් එහා ඒවා අපි ගෙවලා ඉවරයි හුඟක්. කල්පයක් එන්න පොඩි කාලයක් නෙමෙයි. අති දීර්ඝ කාලයක් මේ ලෝකේ කල්පයක් කියන්නේ. විවිධ උපමාවලින් පෙලා තියෙනවා කල්පක කාලයේ. ලෝක සම්මත කල්පය නැත්නම් මේ ලෝකේ කල්පයක යොදුනත් දිග පළල උස තියෙන මහා ගල් පර්වතයක් සියක් අවුරුද්දකර සැරයක් කසී සළුවකින් පිහි දැම්මා නම් ඒ පිහිමීම හේතු කරගෙන මේ පර්වතය අබැටක් සමානවත් නැති වෙන ගෙවෙන්න කොච්චර කල්ලයයිද තවත් කල්පය ඉතුරු මෙන්න මෙච්චර දීර්ඝාය කියනවා එක කල්පයක් එකක්. එහෙනම් එබඳු කල්ප අනු එකක් කියන්නේ පොඩි දුරක් නෙවෙයි.

එහෙනම් අපි කරපු කර්ම වේග එතෙක් පළක් මෙතෙක් තියෙනවා ඉතුරු වෙලා. තව ගෙවන්න හොඳ නරක දෙකම. ඉතින් ජීවිතයක වැඩි හරියක් කරලා තියෙන්නේ මොනවද? හොඳද නරකද කියලා බලපුවහම 9ක් හෝ 99ක්ම කරලා තියෙන්නේ නරක ඒවා. තමන්ගේ ලාභය කීර්ය ප්‍රහංසාව බලාපොරොත්තුවෙන් කාට හරි කරපු අවැට අසාධාර දැමේ සාධාරණ යුක්තියෙන් කරපු පැත්ත නම් බොහෝම සුළු ගන්නා. මේ සසර ආවේ මහා ඥානවන්තය වෙලා නෙමෙයි. ඔය ආත්ම දෘෂ්ටියෙන් බැඳිලා මම මගේ කියන ගොඩේම හිරවෙලා අනුන් අහලා හරි මරලා හරි වනසලා හරි මගේ බඩ පුරවා ගන්න ඕනේ මගේ වැඩේ කරගන්න ඕනේ කියන මේ අදහසින් සසර ආවේ. එහෙනම් වැඩි හරියක් කරලා තියෙන්නේ මොනවද මේ කල්ප අනුගානත් ඉස්සේ ගෙවන්න තියෙන ඒවය. වැඩි හරියක් තියෙන්නේ අපිට අවැඩ අසාධාරණ

වෙන ඒවාම තමා විපාක වශයෙන්. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙමවා එකක්වත් නැතුව හොඳ ශුද්ධ විපාකයක් ලබාගන්න හිතුව පැතු ආකාරයෙන් ඉන්න කරදරයක් නැතුව සියල්ල ලැබෙන්න ඒ ජාතිය කරලා තියෙන්නේ කීය කීයද? එහෙනම් අපිට හුඟා පාඩු වෙන්න වෙලා තියෙන්නේ. අපිින් කරලා තියෙන්නේ අවැඩවල විපාක එන හින්දා. මෙන්න මේ විපාක කන්දරාව ගෙවාගන්න තමයි මේ මෙත් වඩමින් දන් දෙවමින් නොයෙක් ආකාර ශාසනය උදසා ඇපස්ථාන කරමින් ඒ පින ගෙවන් අර විහිදෝලා පතුරවලා අර කියන අධිෂ්ඨාන තබලා ඒ සියල්ලන්ට අනුමෝදන් කරවන්නේ. නැත්නම් පින්දවන්නේ. අන්න එහෙම කරනකොට මොකද වෙන්නේ? අර මහා පාප කන්දරාව ගෙවිලා යනවා. හැබැයි ධර්මාවබෝධයක් ලබා ගැනීමේ මුල පුරලා තිබිච්ච නිසා ලෝකේ අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දැකලා අසාර ලෝකයක් කියලා වටහාගෙන තිබුණ නිසා දැන් හිතෙන්නේ නෑ අුතුකන් අසාධාරණකම් කරලා

ලෝකයෙන් කඩා වඩාගන්න. එහෙනම් මොකද වෙන්නේ? අර පුරාණ මහා පව්කන්දරාව ගෙවිලා යනවා. අලුතෙන් පව්කන්දරාව එකතු කරන්නේ නෑ. යහපත් පැත්ත තමයි දැන් එකතු කරන්නේ. එහෙනම් ඒ ගුණ යහපත් හිතට පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්න හැවා කියලා පෙන්නවා යහපත අන්න ඒ හේතුවෙන් එපදු කටයුතු කරන බෞද්ධයෙක් ඒ ගුණය පූර්ණ වුනහම කවදාවත් පිරිහෙන්නේ නෑහ නිවන් කෙළවර කරනකන්. ඒක විශේෂයක්. ඉතින් ඔය ක්‍රමයට කරනකොට කලක් යනකොට ඒ පව්ගොල්ලට වන්දි ගෙවිලා නැන නුවඩ වැඩිලා ආර්ය මාර්ගය වැටහිලා ඒ මග අනුගමනය කරන්නෙක් වුනාම සතර අපායනු නිදහස් වෙලා සුඛෝ භෝගී විදිහට කරදරයක් නැතුවම ලෝකේ දුකෙන් කරදරයෙන් තරම් තුළ ඈත් වෙවී ගිහිල්ලා සියලු දුක් නැති කරලා ඉවර කරන්නත් පුළුවන්. ඉතින් ඒ ක්‍රමයට අනුගමනය කරලා කරගන්න ඕනේ. ඒ කටයුතු කරනකොට

සමහර වෙලාවට අපිට උදව්කු උපකාර කරපු අය අපිට දුන්න අය ඉන්න පුළුවන් විවිධ දෘෂ්ටිය වල. මම නම් ඔය මුඩුම ඉට දන් දෙන්නේ නෑ. බඩිගින්න ඉන්නේ එහෙකුට දෙනවා ඊට වඩා හොඳයි. එහෙම අදහස් ගත්ත අයත් ඉන්නවා. එහෙමනොත් මොකද කරන්නේ? අපි අර සංඝරත්නය උදෙසා දන් දීලා හෝ එහෙම මහදානයක් දීලා දෙන පින උන්ට අයිති නෑහ. හේතු නෑ ලවන්න. බල්ලෙවට කපට කන්න දීපික්කෝ ඔට වඩා හොඳයි. එහෙම ගියපෙක් හිටියොත් ඒවා කරපුන්න දීලා දෙන එක මයි උන්ට හම්බ වෙන්නේ. මහ පිනක් අනුමෝදන් වෙන්න ඒ ශක්තිය ලබන්න හේතු නැහ. ඒක නිසා අපිට කවදා හරි අවුරුද්ද සැරයක් දෙකක් හරි. ඔය ක්‍රමයට සිද්ධ වෙනවා බල්ලන්ට කපුටන්නටත් බත් තිකක් හරි දීලා හටම්

මේකෙන් ලබන යම්කිසි බලාපොරොත්තුවක් ඇටනම් මේ පිනකුත් යමෙක් බලාපොරතු නම් උන්ටත් ඒ පින ලැබිලා එහපතක් වේවා කියන්න ඕනේ. ඒකත් කරන්න වෙනවා. ඒ නිසා මහා දානම දුන්නා කියනවාත් බැ. ඔන්න ඔය නිසා තමයි අපේ කතාවක් තියෙන්නේ හැදිලා. ඔය සෙනසුරු අපල ආපුවහම බළු කපුරු දානය දීපල්ලා කියන එක කියන්නත් හේතුවක් ඇතුවයි ඒවා එහෙම කෙරිලා තියෙන්නේ. නැත්නම් සෙනසුට අපලට සාංික දානයක් දීපල්ලා කියන්න එපැ. ඊට වඩා දෙයක් දැකලා තියෙනවා බලු කපුටු දාන්න ආනිසංස වැඩන්න නිසා නෙමෙයි. ඒකා ගන්නේ ඒක මිසක් වෙන මොකක්ද ඒකයි කාරණය. ඊට ගැලපෙන දේ ඕනේ. වැසිකිලිය ඉන්න පනවන්නට බත්කානක් එහෙම ගිහින් දැම්මොත් තුන් මැරෙනවා. උන්ට ඒක ගැලපෙන්නේ නෑ. උන්ට ජරාගොඩකුයි ගැලපෙන්නේ.

උේ පෝසනය ඒකෙන්. අන්න ඒ වගේ ඔය බලු කපුරු දානේ පින අනුමෝදන් වෙලා පෝෂණය වෙන්න පුළුවන් කොටසකුත් ඉන්නවා. ඒ අයට එහෙම එකක් දෙන්න ඕනේ. ඒක මිත්‍යා දෘෂ්ටියක් එහෙම වෙන්නේ නෑ. 14 වෙනි දාන්නේ බලු කපු දානවා. විග්‍රහ කරලත් දේශනා කරලා දෙනවා බුදුරජාණන් වහන්සේට දුගී මගී යාචකාදීන්නට දෙන්න දානයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ පිණ්ඩ මෙහා තියෙන දාන දුස්සරීලයන්ට දෙන දානයක් තියෙනවා අසත්පුරුෂයන්ට දෙන දානයක්. ඒකත් 13වෙනි දානය බහිනවා. එකින්නේ පළවෙනි මහා දානය ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දෙෙන දානේ පුද්ගලික දාන වලින්. ඉතින් මෙන්න මේ ක්‍රමයට පුද්ගලයගේ දානක් තියෙනවා බල්ලන්ට කපුන්ට වගේ සතුන්ට දෙන එකක්. අත හෝදා ඉවත තමන වතුර ටික මේ සත්වයින්ට ආහාරයක් වෙත්තවා කියලා අධිෂ්ඨාන කරලා දැම්මත්, හිතලා දැම්මත්.

ඒකෙත් පිනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් අපිට පින් කරන්න අනේ අපිට පින් කරන්න සල්ලි නෑනේ කිය ඉන්න දෙයක් නැහැ. එතන පටන්ගෙනත් කළ හැකියි. අත හෝදලා දාන වතුර ටිකත් ඒකට ගැලපෙන සෙනක පනුවන්ටත් ආහාරයක් වෙත්තවා කියලා දැම්මත්. ඒකෙන් පෝෂණය වෙන සත්තුන්ට ඒක දෙනවා අපි චේතනා පිහිටෝලා. ඒකත් දානයක් වෙනවා. ඒකත් පිනක්. ඉතින් අපි ඔය හැම එකක්ම කරන්න ඕනේ. එහෙම නොකර බෑ. එතකොට තමයි ඒ වටල තිබිච්ච ණය ගෙවිල්ලා අපිත් යහපතක් කරගන්නේ. දැන් මේ අර එත්තා චම්මේෙහි කියන ගාථාවක් මේක අහලා තියෙනවා මේ ප්‍රශ්න වලට. එතකොට ඒකෙදි අපි කොයි කොයි සීමාවද ගන්න එතෙක් මෙතෙක් කිව්වේ කියලා. යම්කිසි පිනක් කරන්න කොයි මොහොතක හරි අපි හිතක් තියායන කළා නම් ඒ පින අවසානයේදී චිත්ත ප්‍රසාදය තමයි අපි අනුමෝදන්

කරවන්නේ. මොනවාහරි කමක් නෑ යම්කිසි දානයක් දීලා හරි පටන් ගත්තා නම් එතෙක් මෙතෙක් කිව්වේ දාන දෙන්න පටන් ගත්ත සන් පටන් දානේ දීලා අවසන් වෙන එකක්. කරගත්ත වින ඒ ඥාතීන්ට හෝ ඒ වගේම සියලු දෙනාට අනුමෝදන් කරඕන. මල් පහ කරන්න එනවා. ගෙදරින්ම අධිෂ්ඨානයක් කරනවා යන්න ඕනෑ පන්සල් ගිහිල්ලා මල් පහ කරලා එන්න ඕනේ කියලා. එතන පටන් ගෙන්න ඒ සඳහා යම් තරමක් කටයුතු කළාද එතෙක් මේතෙක් පූජා කරලා අවසානකන් එතෙක් මේතෙක් දුර අන්න එහෙමයි ඒ සීමාව ගන්න යම් යම් පිනක් කරන්න තමන් අදහස් කරගත්තා නම් කොයි මොහොතක හරි එතන පටන්ගෙන ඒ සඳහා කරන සියලු කටයුත්තක් ගහනේ පිනක් ලැබෙනවා. ඒක කර්මය තමයි පුණ්‍ය කර්මයක් වෙනවා. ඒ පුණ්‍ය කර්මය සම්පූර්ණ වෙච්ච වෙලාවට කර්ම පථයක් වෙනවා. ඒක සම්පූර්ණයි. ඊට පස්සේ. අන්න කර්මයක් වශයෙන් පටන් ගත්ත සැනපටන් කර්ම පතයක්

වශයෙන් මේක පූර්ණ ගත්ත සෙනක් ඇත්්ද අන්තිම මොහොතක්. එතෙක් බිටෙක් කලාේ පුණ්‍ය හම්බාරය අර විදිහට අනුමෝදන් කරනවා එත්තාවතා චම්මෙහෙය කියන ගාථාවේ. ඉතින් ඒ වගේ ඥාන සම්පිත්තව දැනගෙන කරනකොට හුඟක් හොඳයි. නැ නුවණින් යුත්තව කරන පින් හරි බලවත් දැනගෙන කරන්න ඕනේ. ඉතින් මෙහෙම කරනකොට බලාගෙන් ඉන්න දෙද්දී අර සසර තිබිච්ච ණය ගනුදෙනු පියවිලා යනවා. ඊට පස්සේ මනසට නිදහස් වෙනවා. මම කෙනෙකුට ණය නෑ කියලා අවංකව හිතන්න හැකියාව බල ලැබෙනවා. ඒ හිත නැගෙනකොට ඒක සත්‍යයක් වෙනවා අර වගේ දීලා තියෙනවා නම් එතකොට ඒ ප්‍රසාදය මහා බලවත්ව නැගිලා. ඒකමත් ධ්‍යාන ලබන්න හේතු වෙන චිත්ත ප්‍රසාදයට හේතු වෙන කාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම මිත්තා සහගත හිතක් වැඩෙනවා ඒ විදිහටත් ඒවින් තේරුම් අරන් කරගන්න ඕනේ