Waharaka Dhamma
Arunodaya-41

Talk Arunodaya-41

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තාම මේ ප්‍රශ්නයක් මනුස්ස ගන්ධබ්බ අවස්ථාවක සිටින අයෙක් අනිවාර්යයෙන්ම මව්කුසක උපදිය යුතු වන්නේද එසේ නැතුව ඥාතීන්ගෙන් පින් අනුමෝදන් වීමෙන් හෝ ධර්ම දේශනා ශ්‍රවණයකින් හෝ එකී මනුස්ස ගන්ධබ්බයාට දේව අත්බැවක් හෝ එහෙම දෙයක් ලබන්නත් පුළුවන්ද කියන ප්‍රශ්න ටිකක් මේ අහන්නේ. කෙනෙක් මැරෙනකොටම ගන්ධබ්බ අවස්ථාවල එනවා. ඒ ගන්ධබ්බ අවස්ථාවෙන් තමයි ඔක්කන්ති වශයෙන් මව්කුසකට යන්න තියෙන්නේ. නමුත් මව්කුසේ පටිසන්ධිය කියන වචනයක් කාලෙක ඉඳන් ගේනවා. නමුත් විග්‍රහ ඇතුව බලපුවහම හොඳට පැහැදිලිව පේනවා ගන්දබ්බ අවස්ථාවක් තියෙන බව. ඒක ධර්මයෙත් පැහැදිලිව විග්‍රහ වෙලා තියෙනවා. එතකොට ඒ වගේ ගන්ධබ්බ වශයෙන් ඉන්න අවස්ථාවක් ගැන පෙන්නන්නේ මෙලොව ඉන්නකොට

පිනක් දහමක් කරන්නේ නැතුව ධර්මාවබෝධයක් නැතුව ඇලීමෙන්, ගැටීමෙන් මුලාවෙන් කාලය ගත කරපු අය සමහර අයට එහෙම මරාට පස්සේ තමන්ට තමන් කරගත්ත යහපතක් නැති නිසා. ඒ පුද්ගලයන්ගේ මානසිකත්වය දුර්වරයි. ඒ ගන්තබ්බ්‍යය වුණත් කරගත්ත කර්ම වේගයන්ගේ යහපතක් නැති නිසා විපාක වශයෙන් අනාථ වෙනවා. සමහර වෙලාවට බොහෝම බැගෑපත්තත්වෙට පත්වෙන මානසිකත්වයකින් ඉන්න වෙනවා ඒන් අර කියන ගන්ධබ්බ අවස්ථාවේ. ඒ වගේ අවස්ථාවක තමයි තමන්ගේ ඥාති හිතඇසින් පිනක් කරලා පින්දුනහම මේ පිනෙන් පෝෂණය වෙන්නේ. එහෙම කොටසක් ඉන්නවා සියල්ලෝම නෙමෙයි. අද පින්දහම් කරලා යහපත් දේවල් කරලා හිටන් ඒ විදිහට ඉන්න අය ඉන්නවා නම් නිවන් මගට හිත පිහිටවා ගැනීමයි වැදගත් වෙන්නේ. නමුත් අවිද්‍යා තෘෂ්ණා සහිත කෙනෙක් ඒ අවිද්‍යාවෙන් කරන පිනක් තියෙනවා පැතුම් සහිතව

විවිධාකාර ලෞකික පැතුම් බලාපොරොත්තු සහිතව එහෙම වුනොත් එහෙම මොකද වෙන්නේ? ඒ ඒ සැප සම්පත් ලැබෙන්න හේතු වෙන ඒ පිනට අනුකූලව ඒවා ලැබෙන්නත් පුළුවන්. හැබැයි නිවන නෙමෙයි. නිවනට හේතු වෙන වැඩපිළිවියල නෙමෙයි. ලෝක සම්පත් විඳින්න වැඩපිලක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මව්ක සිට උප්පත්තිය වශයෙන් යන්නත් හේතු වාසනා තියෙනවා ඒ ක්‍රමයට තියෙනවා නම් පුළුවන්. යම් විදිහක ඒවට විරුද්ධව කටයුතු කරපු පුද්ගලයෙකුට නම් ඒ කියන්නේ දරුවෙක් ගැවට ආපුවහම ඒ දරුවා විනාශ කරලා දානවා නම් ගසා කරලා දානවා නම් අනුන්ගේ පවුල් වලට හරි වින කරලා විනාශ කරලා පවුල් විනාශ කරලා දානවා නම් අන්න ඒ වගේ කටයුතු කරපු අයට පාප කර්මයක් වශයෙන්ම උප්පත්තියට මව්කුසක් යන්න හම්බ වෙන්නේ නැති වෙන්නේ ක්‍රමවේදයක් යෙදෙනවා. බොහෝම අසරණ අනාථ තත්ත්වයට පත්වෙලා බැරිලා හරි මව්කුසියක් ලැබුණත් මොනවාහරි

ක්‍රමයක් යෙදෙනවා මව් ඒ මව්ගේ වඩේ ඉන්න දළුවට ඉන්න බැරිලා ගසා වෙලා යන්න මේ වගේ බොහෝ කාලයක් අනන්ත දුක් විඳින්න හේතු වෙනවා. තමන් කරපු හැටියට තමන් එහෙම අුතුය අසාධාරණකම් කරන්නේ නැතුව යහපත් දේ කරගෙන හිටියා නම් ඒ අයට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් වැඩක් තියෙන්නේ හම්බවෙන්නේ මේ දෙතිස්කුණ කොට්ඨාසයුත් කුණුගොල්ලෝ තමයි කොහේ කොච්චර හොඳ එක්කෙනෙක් කියලා හම්බවුනා මනුස්සයෙක් කුණු කොතන උපන්නත් තිරිසන් සතයෙක් වුනොත් තියන්න වැඩක් ඇත්තේ එහෙම නැහ. ඉතින් ඉන් එහා පැත්තට ගියා තාවකාලික එක මට්ටමක ඉන්න පුළුවන් මුලාවට රැවටිලා. ආශ්වාද විඳ විඳ දෙව්ලෝ එහෙම කියන ඒවය. බෞද්ධත්වය හරියට තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් ඕවා පන්නේ නෑ. ඒ අය දකින්නේ කවදා හරි? මේ නිවන් මග පූර්ණය කර ගැනීමට අවශ්‍ය කරන පරිසරයක්ම හැදෙන්න.

ඒ වගේම ලැබුණ පරිසරයෙන් ප්‍රයෝජන ගන්න. ඒක තමයි බලාපොරොත්තුව. ප්‍රධාන පරමාර්ථය නිවන වුනහම එයා කොයිතරම් පින් දහම් කරලා තිබුණත්. ඒවා දෙවෙනි වෙනවා. වටිනාම බලාපොරොත්තුව පළවෙනි වෙනවා. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක්ගේ නිවන පිහිටන්න අධිෂ්ඨාන කරගත්තොත් ඒකාන්තයෙන් ඒකට තමන් කරන යහපත් තියෙනවා නම් ඒවා උපනිශරය වෙනවා. ඒකයි හේතුව. එතකොට ඒ වගේ දේකින් මනුස්සයෙක් වෙලා උපන්නත් එතන බැඳිලා හැදිලා ඉන්න බලාපොරොත්තුවක් නෑහ. බාධා කරදර නැතුව ආර්ය මාර්ගය පූර්ණය කරගන්න පහසුකම් ඇතුව අන්න එහෙම ක්‍රමවේදයක් යෙදෙනවා. ඉතින් ඒ නිසා ගන්ධබ්බ අවස්ථාවක හිටියත් සියලු දෙනා අනාථ වෙන්නෙත් නැහ. ඒ වගේම අපිට ඔක්කොටම පිරිසරණ වෙන්නත් බැ. අපිට පුළුවන් පත්ති දාන පත්තානුමෝදනා කියන

මේ ටික කරන්න. පත්ති කියන වචන පින් කියලා වචනය ගත්තට තව ටිකක් ගැඹුලට හිතන්න තියෙන වචනයක් ඒක. පත්ති කියන වචනයෙන් පෙන්නන්න ප්‍රත්‍ය කියන එකයි. හේතු ප්‍රත්‍යය හේතු කියන්නේ අලෝභ අද්වේශ, අමෝහ හේතු තියෙන්න ඕනේ. පින්දහම් කරනවා කිව්වහම ඒකේ මූල ධර්මය එතන තියෙනවා අලෝභ, අද්වේශ අමෝහ. ඒවට කියනවා හේතු ලෝභ, ද්වේශ, මෝහත් හේතු එයා පාප හේතු. පුණ්‍ය පැත්තට හේතු වෙන්නේ අලෝභ, අද්දේශ අමෝහ ඒ පුද්ගලයා ඒ පුද්ගලයෝ අලෝභ අද්වේශ අමෝහ කටයුතු කරපු මානසිකත්වයක් උදා කරෙන තිබුනේ නැත්නම් ඔවුන්ට හේතු නැහැ. අනිත් කෙනෙක් දෙන ප්‍රත්‍ය ලබාගන්න. ඒ කියන්නේ ප්‍රත්‍ය කියන්නේ උදව් උපකාරයක් දෙනවා. පිනත් දහමක් කරලා පුණ්‍යානුමෝදනාවක් කරනකන ලැබෙන්නේ

ප්‍රත්‍යය. තමන් ළඟ හේතු නැත්නම් ඒ ප්‍රත්‍ය තමන්ට ලබන්න බැරුවහම කියනවා කොච්චර පින්දු වුනත් පින් ගන්න බැහ කියලා. කොච්චර පින් කරනවද පින් දෙනවද ඒක අර පින් ගන්න බැහැ. ඒකයි හැමදාම මල පිරේතියක් කරදර කරනවා කියලා සමහර අය කියනවා. දැනගන්න ලකුණු තියෙනවා. එහෙම සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයෝ ළඟ ලෝභ, ද්වේශ, මෝහ මිසක්. මනුස්සෝ ඉන්න කලේ අලෝභ අේශ සමෝහ යහපත් දේවල් කරලා නෑ. ඒ නිසා එබඳ විපාක සම්බන්ධයකට අලෝභ, අද්දේශ, අමෝහ මානසිකත්වයක් ඔහුට නැන්නම් ලෝභ, ද්වේශ, මෝහයම යුත්තනම් අපාගත වෙච්ච කෙනාට ගොඩ ඉඳලත් අමාරුයි. දෙන පිනක් ලබන්න පිහිටන්නේ නෑ. අන්න ඒ හේතු තියෙන කෙනාට ප්‍රත්‍ය වශයෙන් දෙන පෙන පිහිටනවා. ඒකයි හේතුව. අපි යහපතක් කරලා ආශිර්වාදයක් කරලා ශක්තියක් ගොන්නගලා ඔවුන් කරා යොමු කළත් ඒක පුණ්‍ය ශක්තියක් වශයෙන් තිබුණත් ඔහු ළඟ

නැත්නම් ඒක ඒ මානසිකත්වයට සම වෙන ඒ තත්ත්වයට හේතුකාරක වන්නා වූ මනසක් ඇති වුණේ නැත්නම් ඒ පින ඔහුට ඇදලා යන්නේ නෑ. ඊට ගැලපෙන මානසිකත්වයක් ඔය තියෙන්න ඕනේ. ගැලපිලා තියෙන්න ඕනේ. පිනට ගැලපෙන මානසිකත්වයක් නැති කෙනාට පින්දුනට අල්ලන්නේ නෑ. එහෙනම් මනුස්සයෙක් ඉන්න කාලේ මොනවා හරියා කරපු ජාතිය පිනකුත් හිඳලා බලන්න ඕනේ. සමහර මනුස්සයෝ ඉන්නවා විවිධ දෘෂ්ටිය වල. අපි නම් ඔය සිවුරු දාගත්තඑන්ට කන්න බොන්න දෙන්නේ නෑහ. ඔයිට වඩා හොඳයි හිඟෙකුට කන්න දෙන එක බලු කපුටන්නට දෙන එක ඔට වඩා හොඳයි. මේ තව සමහර අයගේ එක එක දෘෂ්ටියි එහෙම අයත් ඉන්නවා. හැබැයි මරණට පස්සේක දාන දහක් දුන්නත් අර මනුස්සයා නම් ගොඩගන්න බෑ. හැබැයි එයා ගොඩගන්න ක්‍රමයක් තියෙනවා. නැත්තෙම අනාථ වෙලත් නැ. බළු කපුට්ටන්න දුන්න නම් හොඳයි ඔයිට වඩා කියවනා නම් බළු කපුන්නට දීලාම දෙන්න ඕනේ.

ඒ ජාතියේ පිනවා. එතකොට බළු කපුටු ගොඩේ හරි ගිහිල්ලා උපදී. හැබැයි කන්න හම්බෙන්නේ එතනක. පිනක් දුන්න ඵලියට යම් තැනක උපද්දන්න බැහ හොඳ තැනක. අන්න ඒකට සමහර ඉස්සෙල්ලා කිව්වා හේතු තියෙන්න ඕනේ කිව්වේ. අලෝභ, අද්වේශ, අමෝහ හේතුන්ගෙන් සුගතියක උපද්දනවා. සුචරිතයෙන්. ලෝභ, ද්වේශ, මෝහ, දුච්චරිතයක් දුගතියක උපද්දනවා. කරන පිනක් ඇත්නම් ඒ ඉපදුන තැනක සුඛභෝගීත්වයට හේතු වෙනවා. ඉතින් බලු කපුන්නට කන්න දෙන එක ඔයිට වඩා හොඳයි කිව්වා නම් එහෙම බල්ලෙකුට කපුට කන්න දීම් හරි පින් දුන්නහම ඒ මනුස්සයාගේ දෘෂ්ටිය පාපතර දෘෂ්ටිය හැටියට ගිහිල්ලා බලු කපුරු ගොඩේ උපදිනවා. හැබැයි කපුටක් කාක් කියලා අන්නක හරිනම් පාන් කෑල්ලක් හරි විසි කරලා කන්න තියෙනක උපදී. ඒක තමයි පිනේ මට්ටම. ඒවා හරි ගැඹුරුයි. පිනෙන් දිව්‍ය ලෝකේ යන්නත් බැහැ. හැබැයි

එකක් තියෙනවා. ඒ පින කෙරෙනකොට ඒ සමඟ අලෝභ, අද්වේශ, අමෝහ ක්‍රියාත්මක වුනොත් ඒකෙන් සුචරිත මාත්‍රයක් හරි එනවා. ඕකත් දැනගන්න ඕන ක්‍රමයක්. සමහර අය පින් කරනවා. නමුත් ගති ලක්ෂණ වලින් අර කියන තිරිසන් ගති ලක්ෂණ වලට හේතු වෙන ක්‍රමවේද අනුගමනය කරමින් ඒක ප්‍රධාන කාරණය. හැබැයි මහා පින් දහම් කරනවා. හරි ගාම්භීරව ඉන්නවා. මාර්නාක්කාර ස්වභාවයෙන් ගාම්භීරව ඉන්නවා. මහරණයෙත් නෙමෙයි ඒකට කියන්නේ ගාම්භීරකම එහෙම ගතියෙන් ඉන්නවා. ඉඳලා මැරුනට පස්සේ ඒ මහන් තත්තකමට ගහම්භීරකමට අලිඇත්තු වතරේ උපදිනවා. දන් දුන්න හින්දා හොඳට කාල බිහිලා ඉන්න පුළුවන් පැත්තක තමයි ඉන්න හම්බ වෙන්නේ. එහෙම ක්‍රමවේද තියෙනවා.

ඉතින් ඒ නිසා කොයි ක්‍රමෙන් හරි මේ ගන්තබ්බ තත්ත්වයට පත් වුනහම කරගත්ත පිම්පවු දෙකක් තියෙනවා නම් ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ක කරන ලද පිම්පව් පරලොව ගිය කෙනාට නෑා වෙනවා. පව් කරගත්තොත් ඒ පැත්තේ දුක් විඳින පැත්තට යන්න වෙනවා. හිමිකම එච්චරයි. සුචරිතය පින්දහම් කරගත්තොත් සුගති පැත්තට හිතෙන මග පෑ දෙනවා. සුඛෝබෝගීත්තර මග පෑ දෙනවා. හැබැයි මොනවා කරගත්තත් අනන්ත සංසාරයෝවා කරෙන්න තමයි යාවේ දෙපැත්තම හොඳවා කරලා දෙවුලෝ බඹලව ගිහිල්ලා දලකේ ඒවා කරලා අපාගත වෙලා අවීතියෙත් දුක් විඳලා අනන්ත සංසාරේ ආපු නැති කිසි සත්වයෙක් නෑ. ඉතින් ඒවයෙන් කවදාවත් මේ අවස්ථාව වෙනකොට සැනසුමක් ලබපු කෙනෙක් නෑහැ. දුක් වින්දා වැහැරා මිසක්. Vැනුනා මිසක්. බොරුවට උද්දාම වෙලා මම තත්ත්වය ම තත්ත්වය මේකයි කිව්වා මිසක්. එහෙනම් ධර්මය තුළින් දැනගන්න ඕනේ මේ යථාර්ථවත්ව දැනගන්නකොට මේවයා හරයක් නෑ.

හරයක් නැති මේ පැවැත්ම ගැන හිතන්නේ නැතුව අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු කරගන්න යම්කිසි ක්‍රමයක් ඇත්්ද ලෝකේ අසාරත්වය මනාසය මෙනෙහි කරන්න ඕනේ. අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් මෙනෙහි කිරීමට කියනවා ආදීනව මෙනෙහි කරනවා. ආදීනයන්ගේ තියෙන නිසරු බව මෙනෙහි කරන්න ඕනේ. ආශ්වාදයන්ගි. ආදිනවයේ තියෙන බලවත් දුක්ඛ ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. වෙන්ම ශාන්තයි ප්‍රණීතයි කියලා දකින්න ඕනේ. ඒ තමයි නිවන. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනකොට අප්‍රමාදව නිවන් මග වැඩෙනවා. උත්සාහ කළ යුත්තේ නිතරම අන්න ඒ ටික කරන්න. යම්කිසි පිනක් දහමක් කියලා යමක් කරනවා නම් ඒ උතු නිවන් ලබා ගැනීමටම ඒකටම හේතු වෙන ආකාරයට. මට මේ උපනිශරය වේවා කියන අධිෂ්ඨානය තියෙන්න ඕනේ. එතකොට ඒකෙන් ලැබෙනි දේ තුළින් අර සසර අනාථ

ගමන්ට හදන්නේ නෑ. නිවන් අවබෝධ කරන්න යම්කිසි කරන පසුතලයක් තියෙනවා නම් පරිසරයක් නුවනක් ඒකට අවශ්‍ය වෙනිසි දැනගැනීමේ හැකියාවක් ඒ පැත්ත පෝෂණය වෙනවා. තීක්ෂණ නෝනක් ඇතුව හරි උපදින්න පුළුවන් මේ සැරේ බැරි වුනොත් කරගන්න. දහම් ලැබෙන තෙනක උපදින්න පුළුවන්. ධර්ම ශ්‍රවණය ලැබෙන්න පුළුවන් මග පෑදෙන එහෙම ක්‍රම තියෙනවා. ඉතින් ඒ නිසා නිවනට උපනිසරය වෙන්න පින් දහම් කරමින් කටයුතු කරමින් නිවන් මග තේරුම් බලන් අප්‍රමාදව වඩමින් කටයුතු කරගන්න එකයි තියෙන්නේ. වෙන ඉතින් කියන්න දෙයක් නෑ මේ පිළිබඳව