Waharaka Dhamma
Arunodaya-85

Talk Arunodaya-85

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මට යමක් දුටු විට මෙය මම නොවේ මගේ නොවයයි සිතුවිල්ලක් එයි. මේ මා කාලේ ඉබේට මා සිතුවිල්ලකි. සමහර අවස්ථාවල එසේ සිති. එම හේතුව පිළිකුල් කරමින් කරමි මෙසේ වීමට හේතුව කුමක්ද කියලා මේකට පිළියම කුමක්ද කියලත් අහනවා. දැන් මේ කාලේ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා විදිහකින් විකෘතිව ගත්ත භාවනාවක් තිබුණේ. කරුණු දැනගත්ත කෙනෙක් නුවණින් වටහා ගත යුතු ක්‍රමයක් තියෙනවා. නේතං මම නේතෝ හමස්මිං නමේසෝ අත්තාති

මේට සම්ම පඤ්ඤාය දට්ටබ්බං කියලා අපි නම් මේ සම්යක් ප්‍රඥාවෙන් මේක දකින්න කියලා. සම්ප්‍රඥාවෙන් දකින්නේ නැතුව මම නෙමෙයි මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි, ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි, කන මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි කිය වඩනවා. මේ ජාතිය එකක් වඩ වඩ හිටියා චන්න හාමුදුරුවෝ කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. උන්වහන්සේ පින්වන් පෑවට පස්සෙත් චන්න හාමුදුරුවෝ මේ භාවනාව වඩනවා. කොච්චර වැඩුවත් මාර්ගඵල අවබෝධයට හේතු වෙන ධර්මාවබෝධය එන්නේ නැ. හැබැයි සෝවාන් වෙලත් නෑ. පද ටික නම් අහුවෙලා තියෙනවා. ඉතින් ඕක වඩ වඩා වලා ඉන්නවා කිසි වැඩක් නෑ. අඩුපාඩුව තේරුම් ගන්න බැරුව කාගෙන් දැන් මම මේක අහගන්නේ කියලා බලනකොට මතක් වුණා ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම පිළිබඳ

හොඳ මතකයක් ඇති. හොඳ දැනීමක් ඇති. ආනන්ද හාමුදුරුවෝ හම්බවෙන්න යන්න ඕනේ මේ ප්‍රශ්නය අහන්න. ඇයි මෙච්චර වරද්දී? මගේ හිතට කිසිම හැඟීමක් වැඩීමක් නැත්තේ. රාග ද්වේශ දුරුවීමක් වෙන්නේ නැත්තේ මොකද කියලා. මෙහෙම අහන්න ගිහිල්ලා මේ ගායන ඇහුවා. අන්නට බුදුරජාණන් වහන්සේ මේමේ ආනන්ද හාමුදුරුවෝ පෙන්නනවා පරායණ වර්ගය සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටසක් ගැන විග්‍රහ කරලා සසර බොහෝ කාලයක් මම වෙමි කියන තැන ආපු පිරිසක් හිටියා. අන්න ඒ පිරාශ්තවාදයේ ආවේ. ආත්ම දෘෂ්ටිය ඉඳලා ආත්මවාදය මුල් කරගෙන శශාස්වතවාදීන් වශයෙන් ඔහොම භාවනා කළා කතා කළා. මේක තමයි පුරුද්ද. අදහතයි. තව කොටසක් හිටියා.

මම කියා මගේ කියිලා මුකුත් නැහ. ආත්මයක් නැහ. උච්ඡේදවාදී ඕක දරාගත්ත කොටසක් හිටියා. මෙන්න මේ කොටස් දෙක ලෝකේ කවදත් ආවා. ඔය කර්මස්ථානය ගත්ත ගමන් ඔය විදිහට අර උච්ඡේදවාදය දරලාගෙන හිටපු අයට කොච්චරහරි මතක් වෙන්නේ? මමෙක් නෑ මමෙක් නෑ. මම කියලා එකක් නෑහ, මගේ කියලා එකක් නෑහ. හිත ගිහිනම් උච්ඡේදවාදය රැඳිනවා. අත්හැරෙන නොවැල මිදෙන සම්ම ප්‍රඥාව නැගෙන්නේ නැ. මෙන්න මේ නිසාවේ භාවනාව කොච්චර වැඩුවත් සමහරෙකුට වැඩෙන්නේ නෑ කියලා පෙන්නුවා. ඒ නිසා මොකද කරන්න ඕනේ? මමය අයින්න. මගේ අය ගන්න මගේ ආත්මයයි ගන්න. මේකේ හරයක් තියෙනවද කියලා සම්යක් ප්‍රඥාවෙන් බලන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලා කිව්වා. මෙන්න බුදුරජාණන් වහන්සේ ඉදියන ක්‍රමේ. මේ ගැන අහනකොට කියනවා

මට මේ මොහොතෙදීම විශාල චිත්ත ප්‍රසාදයක් ඇති වුණා. ආනන්ද හාමුදුරුවෝ ගැන ඒ චිත්ත ප්‍රහාදයෙන් ඔය ටික අහනකොට ලෝකය කියන්නේ අසාර ක පුණු ගොඩක් අසාර හසාර දෙයක් මිසක්. ගන්න හරේයක් කොතනකවත් නෑහ කියලා වචනය ආවහම ලෝකෝත්තර ගුණය පහළ වුණා. සෝවාන් ඵලය ලැබුණා. දැන් කවුරුවත් ඕ නෑ පරපත්තිය රහිතයි. දැන්නම් නේතා මම නේතෝ හමස්මි නමේසෝ අත්තාතියි කියනකොට උච්ඡේදයට වැටෙන්නේ නැතුව දහම් මග වැඩෙනවා. අදත් ඔය ටික වෙලා තියෙනවා. පොතේ කර්මස්ථානයක් වශයෙන් තියෙනෙක අරගෙන ඇස මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි, කන මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. මේ ආදී වශයෙන් ගන්නවා වඩනවා. එයින් එහාට වැඩෙන්නේ නෑ. ඇතනු එකාන්තයකි නැත යනු එකාන්තයකි.

තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකට නොවැස මාධ්‍ය තුළින් නිවියන් අවබෝධ කළා. මෙන්න මේක තෝකොරාගන්න ඕනේ. එහෙනම් මම නෙමෙයි කියලා ගන්නවට වඩා මමයි ගන්න හරයක් නෑ කියලා තේරුම් ගත්තහම මම නෙමෙයි කිව්වේ එකේ නියම අදහස එනවා. මමයයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවන්නෝම නෙමෙයි කිව්වේ නෑ. එතකොට දහම් අදහස මතුවෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී යථාර්ථය පේනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කය කුමක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කය පෙර කර්ම විපාකයක ප්‍රතිඵලයක් කර්මයක ප්‍රතිඵලයක්. මේක මම නෙමෙයි මගේ නෙමෙයි නොකියා. මේක

මොකක්ද කියලා අවංකව පෙන්නුවා විග්‍රහ කරන. වේදනාවට වස්තුවාක් වෙලා තියෙන ජීවී කයක්. මේක පෙර භවය කරන ලලද කර්මය විපාකයක්. මේ කය කොක්ද? මේක මම නෙමෙයි. මේකේ මම නෙමෙයි. ඒ වචනය ගත්තේ නැතුව ලස්සනට හේතුඵල පෙන්නලා දුන්නා. දැන් මේ වචනේ කියන සමහරගෙන් අහපුවහම මේ කය මම නෙමෙයි. මගේ නෙමෙයි. එහෙනම් කාගෙද? මොකක්ද? ඒකට උත්තර දෙන්නේ නැහ. ආයෙත් කියනවා එහෙම අහන්න දෙයක් නම් නැ ඒක මගේ නෙමෙයි. මම නෙමෙයි. මම නෙමෙයිනම් කාගේද? එක්තරා උපාසක අම්මා කියන එකේ කාලෙක බේරෙන්න බැහැ වචනය අහනවා. මම කිව්වා කරන්න දෙයක් නැහැ. පාස්සේ ගා මට කරන්න වැක කවුරු හරි පොල් පිත්තක් අරන් තැලුවොත් එහෙම

මොකක් කියාද කෑ ගහන්නේ? කෑ ගහන්න දෙයක් නැහැනේ. ඉතින් මොනවා කිය අවංකව කිව්වා නම් එහෙම අවංකව නෙමෙයි කතා කළේ. වාදයක් කරලා දින කතා කරා මිසා. අවංකව තමන්ගේ හිතට ගත්තා නම් ඇත්ත එහෙම මලා පොල් බිත්තකින් ගැහුවා නම් මම මොකක්ද ගන්නේ කියලා අවංකවෝ හිතන්න එපැ. මෙන්න මම මරණෝ කියලා කෑ ගහන්නේ නැද්ද? දෙකක් තුන සලනකොට කෑ ගහනවා. ඒක අවංකව පෙනි පෙනී දැනෙන තැනත් තමන්ගේ වාසියට තමන්ගේ වචනේ ජය ගන්න ඕන හින්දා. ඉතින් මගේ කියලා එකක් නැහැනේ. ඔය උත්තරය දෙනවා. ඉතින් මට විදිහක් නැති හින්දා මම නිකන් මග මට කරන්න දෙයක් නැහැ. මට ඕ අයිතිරක් නෙමෙයි. නැත්නම් මම උගන්නනවා කිව්වා මම නෙමෙයි කියන එකේ මම කවුද කියලා දැනගන්න ඉතුරු ටික. ඔන්න ඔයගේ අවස්ථා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මම කියලා කියන එකේ හේතුඵලය පෙන්නුවා. මේක නෙමෙයි නෙමෙයි කියන කතාව නෙමෙයි යථාර්ථය. කුමන හේතුවක් නිසා කුමන ඵලයක්ද? මේ

ප්‍රශ්නයට පිළිතුරක් තියෙනවා. අන්න ඒ පිළිතුර ගන්න ඕනේ. යම් ඵලයක් නැත්නම් හේතුවක් ඇතුවයි හටගන්නේ. එහෙනම් ප්‍රශ්නයට පිළිතුරු නැති කොහෙවත් ප්‍රශ්න නගන්න දෙනක් ඉතුරු වෙලත් නෑහ බුද්ධහමෙ. මේක මොකක්ද මේ අහවල් හේතුවේ ඵලයනේ මොන හේතුවක්ද? පෙරභවයේදී හටගත්තා වූ පටිසන්ධි විඤ්ඤාණයෙන් මුල් කරගෙන හටගත්ත නාම රූපය ඇසුරු කරලා ආරම්භ වෙච්ච මේ කය මව් ගැඹ මව් පිය දෙන්නෙක්ගේ සංවාසයෙන් මව්ෘතුියෙක් වෙලා ගන්ධබ්බයා වඩට ඇවිදිලා කලේක පටන් ගෙන වැඩිලා පේසි අවස්ථා ආදීවන්නා වූ අවස්ථාවන් පහු කරලා මව් කපු බිපු ආහාරයෙන් ඇතුලේ වැඩිලා මව්ගෙන් බිහි වුනාට පස්සේ සතර මහාභූතයන්ගෙන් යුක්ත වෙනම මේ ආහාර ඕජසක් ඇත්්ද ඒ ඕජසෙන් වැඩිලා හැදිලා ආපු කර්ම ශක්තියත් එක්ක සම්බන්ධ වෙච්ච මෙන්න මේ

හේතුඵල ගුලියක්නේ කියලා පැහැදිලිව පෙන්නන්න පුළුවන්. කාරණය බුදු දහමෙන් තියෙද්දී ඒ මේ මොකක්ද එහෙනම් කියලා අහන්න මම නෙමෙයි මගේ නෙමෙයි. ඒ ගැන අහන්න එපා. ඔහොම මේක නවතිනවා. ඉතින් කොහොමද යථාර්ථවත් වෙන්නේ? කෝ හේතුඵල දැනුම ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් ඵලයක් ලෝකයයි කියලා පහළ වෙනවද ඒකට හේතුවක් නිසා පහළ වෙනවා. හේතු පටිච්ච සංභූතං හේතු භංගා නිරුජ්ජති. ඒ පහළ වෙච්ච හේතුව හොයලා බලලා ඒක භංග කරලා දැමොත් අර ඵලය ඉවරයි. එහෙනම් යම් ඵලයක් දුකගෙනවා නම් යළි යළි දුක දෙමින් ගොඩනැගෙනවා නම් අසරණ වෙලා නෑ මොකක් නිසාද? හේතුව පේන නිසා. හේතුවක් නිසා ගොඩ නැගින්නේ. යේ ධම්මා හේතු පබ්බවා යම් ධර්මයක් හේතුවක් නිසා ප්‍රභවයේ වෙනවද? තේසං හේතුන් තථාගතවාහ අන්න ඒ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා

කොතනද එපා කිව්වේ? මම නෙමෙයි මගේ නෙමෙයි කියටිය එකේ හින්දා කිව්වේ. තේසං හේතයෝ නිරෝධෝ ඒවංවාදි මහා සමනෝ මේ අස්සජ හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට කිව්වා ඉස්සෙල්ලාම බණ ටික සෝවාන් වෙන්න හේතුව බලය ටික තුළ සෝවාන් ඵලයට පත් වෙන එක තිබුණා. පද දෙක කියනකොට සෝවාන් වුණා කියලා කියන්නවා. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ හේතුවක් නිසා පහළ වෙච්ච ධර්ම නිසා අපි අනාථ නෑ. මොකක් නිසාද? ඒ පහළ වෙච්ච ධර්ම අපිට කරදරයක් නම් අසානයක් නම් යළි යළි ඒකේ ගොන්නැගෙනවා නම් නිකන් ගොඩන්නැගෙන්නේ නෑ අහේතුකවාදයක් නෙවෙයි. හේතුඵලවාදයක්. අන්න ඒ හේතුව දැනගත්තහම තේසං හේතුයෝ නිරෝධෝ යමෙක් කන්න ඒ හේතුව නිරෝධ කළා නම් අන්න ඒකයි කරගන්න ඒවන් වාදී මහත ඔන්න ඕකයි මහා ස්සරමයන් වහන්සේගේ වාදය දේශනාව එහෙනම් අපිට තියෙන්නේ හේතුඵල දකින්න ඕන

නැහ. මේ සංසාරෙත් මේ ඉස්සෙරත් උපාසකම්මා වක් කෙනෙක් වෙලා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කිය කියිලා මැරිලා ගිහිල්ලා මේ සැරේ උපන්න නම් එහෙම ඔය අදහත දැනුත් වෙන්න පුළුවන්. එදත් මගඵල ලබාගෙන ඒ යථාර්ථයට එන්න බැරි වෙලා හිටිය ඔය අත්හැරත්තලා යනවා. ඔය පිළිකුල් භාවනාවත් ඔය කියලා වැඩුවා නම් එහෙම දැක්ක දැක්ක තැන ගැටි ගැටීන්න එක තමයි කරන්නේ. තිග කියි. ඉතින් ඒක නෙමෙයි යථාර්ථය. ලෝකයා යමා පිළිකුල් කරයිද? ආර්යව පිළිකුල් නොකායි මේ පළවෙනි ආර්ය ඉට්තියි. ලෝකයා පිළිකුල් කරන ඒවා ආර්ය පිළිුල් කරන්නේ නැහැනේ. ඒකනේ පළවෙනි ආර්ය ඉරතිය. ති එයා කොහෙද තියෙන්නේ වාර්යන්න. ලෝකේආය යමා පිළිකුල් කරයිද? ආර්යව පිළිකුල් නොකරයි. මේ පළවෙනි ආර්ය ඉදිය එහෙනම් මල, මුත්‍ර කෙල හොටු දෙතිස්කුණ කොට්ඨාසය කෑලිනේ.

කෙස් කැතයි, කේස් ගඳයි, කේස් පිළිකුලයි, ලොම් කැතයි, ලොම් ගඳයි, ලොම් පිළිකුලයි. කවුද ඔය භාවනාවද එන්නේ හදාගත්ත භාවනා. ලෝකයා යමක් පිළිකුල්ද? ආර්යෝ පිළිකුල් ලෝකේ ආර්යවරුය භාවනා ඔහොම වැඩිය හැකි. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිකුල් වශයෙන්ද වන්න කිව්වේ? පිළිකුල් භාවනාව කියන එක පස්සේ කාලෙක හදාගත්තා ආචාර්යවාදයක්. 32ද කාර්යට බලන්න. ද්වත්නිසා භාවනාව කියලා එකක් දුන්නේ. පිළිකුල් කරන්න නෙමෙයි කිව්වේ. එකාකාර පේන කයට ලෝකයා මුලාවට පත්වෙලා ඒකීය වශයෙන් පුද්ගලත්වයෙන් අර හිත ඇලුම් කරනවා. හරි ලස්සනයි. තරුණයි. අහවල් නමතින කෙනා නම් හරි හොඳයිනේ. යන එන ගමන හැඩ වැඩයිනේ. ඔන්න ඔහොම සංඥාවකින් හිතට අරගෙන ලෝකයේ යම් යම් ද්‍රව්‍ය වස්තු කෙරෙහි බැඳෙනවා. ඝන සංඥාවේ

ඝන සංඥාව ඒකීය වශයෙන් ගන්න පුරුදු වෙලා තියෙනවා. මේ තමයි සසර ගමනේ හැටියේ. ඒ නිසා තමයි එක නම් කියලා අහවල් නම තියෙන අහවල් එක්කනා අහවල් ඒකට දැනැත්තා හෝ තැනැත්තිය ලැබුනේ නැහෙනම් මගේ ජීවිතයෙත් මට එපා එහෙම කියන්නේ. ඔන්න ඔය ඝන සංඥාව නිසා මුලාවට පත්වෙනවා. මෙන්න මේ මුලාවට පත්වෙලා මුලා සහගත කාමයට වැටෙනවා. කාම බන්ධනයෙන් බැඳෙනවා. මෙන්න මේ ඝන සංඥාව දුරු කරගන්න. එකාකාරව පේන තිද්දකට වෙන් කරන්න ද්වත්තීන්සාරය කියලයි භාවනාවට කියන්නේ. පිට මුකුල් භාවනාව නෙමෙයි. 32 කාලයේ බලන්න බුදුරජාණන් වහන්සේ බලන හැටිත් ලස්සනට දේශනා කළා ඒ සූත්‍රයේ පැත්තකින් තියලා එක ඒවා එක එක්කෙනා කියන ආචාර්යවාද කරනවා.

හරියට උඩින් යටින් කට දෙකක් තියෙන මල්ලක් තියෙනවා. මේ මල්ල ඇතුලේ විවිධ දේවල් දානවා. දාලා මේ මල්ල ගැටගහලා තියෙනවා. ඇස් ඇති පුරුෂයෙක් මේ මල්ලනවා. මොනවද තියෙන්නේ බලන්න. තමනම් චක්ඛු කුමා පුරිසා මුංචිත්වා පච්චවෙක් ඇස් ඇති පුරුසයෙක් මේ මල්ල ලෙහෙලා ඇතුලේ තියෙන්නේ මොනවද කියලා පරීක්ෂා කරලා බලනවා. මොනවද දැක්කේ? අර මල්ලේ තියෙන ඒවා තමයි උපමා කරලා පෙන්නුවේ. ඉමේ සලී ඉමේ විහී ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලානං ඉමේ තණ්ඩුලාති ඒව මේවකෝ භික්ඛවේ භික්ඛු ඉමේව කායං උද්ධං පාදතලං අදෝ කේස මත්තකා තච පරියංකං බූරං නානාප්‍රකාරේ අසුචිපත්ත වික්කති මේ බලන

හැටි පෙන්නුවාම මොනවද මේ තියෙන්නේ? අර මල්ල ලෙහෙලා බලපුවහම ඇතුලේ තියෙනවා දැක්කා. මොනවද? මේ ඇල් මේ මාවී මේ මුන් මේ මෑ මේ තල මේ තහල් කවිකුල් කරන ඒවා එකක්වත් තිබුණද? කාටවත් පිළිකුල් හිතන ජාතිය එකක්වත් අර මල්ලේ තිබිලා නෑහ. බුදුරජාණන් වහන්සේගේ උපමාව පිළිකුල් කරන්න දුන්න නම් මොනවත් දෙන්නේ? මේ න වසුරු මේ බලල් වසුරු, මේ බළු වසුරු නැත්නම් බලු බෙටි, නෙටි බලල් බෙටි ඔය කියන ක්‍රමයට බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙන්න එපැහැත කරලා බලන්න කිව්වන. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ කෑලි 31 බලන්න කිව්ව උපමාවෙන් පේනවා. ති ඒ කියලා බලන්න ඒවා නෙමෙයි පේන්නුවේ උපමාව දුන්නේ. ඇල්වී මාවී මේ එතකොට මෑන් තල සහ මේ ඔක්කොම බොහොම පිරිසිදු වේවා. ඒවා හොඳට අතින් අල්ලන්න පුළුවන්. ඉඹලා

බලන්නත් පුළුවන්. එහෙම එකක් නෑ. එහෙනම් මෙන්න මේ ජාතියවයන් තමයි බුදුරජාණන් වහන්සේ මේ කෑලිත් එක්ක බලන්න කිව්වේ. මොකටද පෙන්නුවේ? අපිරියා කරන්න ගියවො දූස හිතක් එන්නේ. දූසය හිතෙන් නිවන් දකින්නේ කොහොමද? ඒයි කියන හිතක් ආවොත් ඒක ගැලපෙන්නේ නෑ. රාග හිතක් ආවොත් ඒත් ගැලපෙන්නේ නෑ. ඔය දෙකෙන්ම අයින් වෙච්ච මධ්‍යස්ථ මානසිකත්වයක් එන්න ඕනේ. එහෙනම් කවදාවත් මල්ලෙලා බලලා තිබිච්ච බළු ටික වෙන් කළා වාගේ ගත්තා නම් අන්න ඒ උපමාවට අනුව සංසාන්දනය වෙන විදිහට. ඉතින් මේ කෙස් වලින් පාද තලයෙන් හමෙන් වට වෙලා තියෙන කය ඇතුලින් තිබිච්චා කෑලි වෙන් කරලා වෙන් කරලා බලනවා. මොනවද මේකේ තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම බලන්න පුරුදු වෙන්න කියලා පෙන්නුවා. ඉතින් අපිත් ඒක ඒ විදිහට බලනවා. මොකක්ද ලෝකයා පිළිකුල් කරන එක ආර්යෝ පිළිකුල්

නොකරයි. ඒ ආර්ය ඉදිය ඉඳලා බලන්න පුරුදු වෙන්න ඕනේ. කෙස් ටික ගැලවලා පැත්තකින් තියෙනවා හිතෙන්. ලොම් ටික ගැලෙව්වා පැත්තකින් තිබ්බා. නියපොතු ටික ගැලෙව්වා පැත්තකින් තිබ්බා ද්ට ටික ගැලෙව්වා පැත්තකින් තිබ්බාංකඩය ගැලෙව්වා පැත්තකින් තිබ්බා අර ලස්සනයි කියන එක්කෙනෙක් හිත අරගත්ත එක්කෙනා. ප්‍රගුණ උනාට පස්සේ ගන්නවා. ඉස්සෙල්ලාම ඕක එකපාර ගන්න යන්නේ නෑහ ලස්සනයි කියන එක මොකද මනස යථාර්ථයට දහම් විමර්ශනය කරන්න හැඩ වෙලා තිබුණේ නැත්නම්. විදර්ශනා කරන්න ලස්සන ගත්තහම ඒකට හිත ඇදිලා ගිහිල්ලා අර විදර්ශනා පැත්තකට යනවා වෙන පැත්තක් නැගෙන අන්න ඒ නිසා විදර්ශනා කරන්න මේකේ වෙන් කරන්නකොටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුරුෂයෙක් ඉස්ත්‍රී වළමිනියක් බලන්න යන්න එපා. ඉස්ත්‍රියක් පුරුෂ වළමිනියක් බලන්න යන්න එපා. ඒක විසභාග අරමුණක්. යථාර්ථයට බාධා වෙනවා එකපාර ඒවා ගන්න ගිය පස්සේ නම් ඕන විදිහට බැලිය හැකි.

පූර්ණ වෙලා ප්‍රඥාව වැඩුනාට පස්සේ. එහෙනම් අන්න ඒ වගේ අවස්ථාවක් තුළ කය බලන හැටි. ක්‍රමවේදයක් පෙන්නුවේ. ඉස්සෙල්ලාම බලන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ කෙනෙක්ගේ ස්වභාවයක් හිත මවාගෙන. දැන් කවුද මේ? අපි හිතමුකෝ අපිට උගන්නපු ගුරුවරයෙක් හරි එහෙම කාම සම්බන්ධ ඇති කෙනෙක් නෙමෙයි. මේ අම්මා මේ තාත්තා ස්තී වුනත් අම්මා කියන සංඥාව ගත්ත නම් එහෙම එකක් වෙන්නේ නෑ. නමුත් තමන් හරියටම දැනගෙන පිරිමි කෙනෙක් නම් පියා බාප්පා අප්පා එහෙම කෙනෙක් ගන්නවා. කාන්තාවක් නම් අම්මා නැන්ද අම්මා නැන්ද අම්මා ගන්නත් එපා. අම්මා ගන්නවා. එහෙම නැත්නම් ආත්ති ගන්නවා. ඕයේ කෙනෙක් ගන්නවා හිතේම වාගේ. දැන් පේනවා එකාකාර කයක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්සරහ රූපය මවාගන්නවා හිතෙන්. ගලවනවා

කෑලි. කේසා ගැලෙව්වා කෙස් ටික. ඉදිරිය කලායක් හරි පැදුරක් හරි හිතෙන් එළනවා. එල්ලා දානවා පැත්තකට. දැන් කෙස් ටික නෑහනේ අර කයේ. ලෝමා ගැලෙව්වා ලොම් ටික ඔක්කොම දැම්මා පැත්ත කරලා පැදු තව තැනක නකා නියපොතු ටිකක් ගැලෙ ඒවා දැම්මා. දන්තා තිබුණා ද්ට ටිකක් ගැලවා තිබ්බා පැත්තකින්. තචෝ හංකරයෙක් ගැලෙව්වා තිබ්බා. පහයි ගලවන්න ඕනේ. පහ ගලවලා බලනකොට පේනවා. කෑලි පහේ ලස්සනත් නෑහ. කෑලි පහ නැති කයේ කාගේ කයද කියලා හොයන්නත් බැ. කෙස්ලොම් නියදස්සම් ගලවාදා වූ මස් පිර පැත්තක තියලා මේ කාගේ දැහුවම මේ කවුද මෙයා. මෙයාගේ නම මොකක්ද? දැන් කොහොම කියන්නේ? කියාගන්න බැ. එහෙනම් අර ලස්සන කරලා හැඩ කරලා ඔක්කොම සංඥාවක් දීලා මේ හාවල් කෙනා මේ නෑ දෑයා හිතව වතා මේ කුලවතා කුලහීනය

ඔක්කොම ජාති දුන්නේ. කෙස්ලෝම් නියදස්සම් කියන මේ පහකින් දුන්න මායාවට කොච්චර මේ මායාව ඇවැට්ටුවද. ඔන්න ඔය කාරණා ඔහොමත් බලන්න පුළුවන්. බැලුවහම පේනවා. අනික්වා ගලවන්න ඉස්සෙල්ලම කේසා ලෝමා නකා දන්තා තචෝ දැන් මොකද කරන්නේ? ආයි අර සංඥාව හැදෙන හැටි බලන්න දානවා ආපහු තචතෝ හංකෙරේ ගිහිම් පෙරෙව්වා. දන්තා දට්ටිකක් ගිහෙන කටේ යෙව්වා. නකා ගත්තා නියපොතුර තිබ්බා නියපු ඇඟිගට ලොල අත් වල ඇැඟිලිගට ලෝම ගතා ලොම් ටිකත් ඇඟට ඇහුවා. කේසාති කෙස් ටිකක් තියබා. දැන් ආය අර රූපය හැදිලා. කෑලි පහකින් මායා දර්ශනයක් හද රවට්ටන හැටිා දැකලා ආයි ගලවලා බලනවා. ගලවා දානවා වෛසරයක් පැත්තකට දැන් බලපුහාම මායා දර්ශනය ඉවරයි. දෙතුම් පාරක් හතර පස්වාතාවක් වඩනකොට

මොකක්ද පේන්නේ? ලෝකය කියන්නේ කොච්චර හැටිල්ලක්ද? ලෝකය කියන්නේ මොනතර තරම් මායා රැවටිල්ලත් තිවෙත් නෑ. අප්‍රියා කළෙත් නෑ. අසාරත්වයේ ප්‍රඥාවෙන් දැක්කා. මායාවේ හැටි ප්‍රඥාවෙන් දැක්කා. මෙහෙම දකින්න ක්‍රම තියෙනවා. ඉතින් මෙන්න මේවයි ඒ භාවනා ක්‍රම. ඉතින් මේවා කළේ නැත්නම් මේවා වරද්දපුවහම විවිධාකාර ආබාධ හටගන්නවා. කන්න ගත්ත කිය කෑම ටික අපිරියා වෙනවා. අපිරියාවෙන් කෑවොත් අජීරණ හැදෙනවා. ඊට පස්සේ කෑම දිරවන්න නැතුව යනවා. විවිධාකාර රෝගාබාධ හැදෙනවා. එහෙම හැදිච්ච අය දැකලත් තියෙනවා අත්දැකලත් තියෙනවා. ඒ නිසායි ඒ කිව්වේ වරද්දන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ද්තිංසාය වඩන්න. එක එක ආචාර් පරම්පරාවල ආචාර්යවරු කිව්

හැටියට වඩන්න යන්න එපා. අටුවා නෙමෙයි ඔය කියන්නේ ආචාර්යවාද. පෙළ අටුවා දෙකටත් නැති ඒවා. ඉතින් ඒ නිසා ආචාර්යවාද ගන්නට බොහොම පරසා. ධර්මානුකූලව හිතලා ධර්මානුකූලව විනිච්චයක් හොඳට ගන්න ඕන. සිහි බුද්ධියෙන්. එහෙම නැත්නම් ඔය භාවනා වලින් විශාල විනාශයන් ඇතිවෙනවා වරද්ද ගැනීම නිසා. ඒකයි කියන්නේ. එහෙනම් මම නෙමෙයි මගේ නෙමෙයි කියලා වඩන්න නැතුව ඔය විදිහට වඩන්න පුරුදු වෙන්න. සසර පුරුද්දක් ඇති ඒකයි පොඩි කාල මෙහෙම අදහසක් ආවානම් එන්නේ. ඉතින් ඒ අදහසතින් නිවන් දකින්න බැහැ. උච්චය දෘෂ්ටියට වැටෙනවා. ඉතින් උච්චය දෘෂ්ටියට නොවැටුනා නම් එයා තාත්තයාව මීටරලා වෙනස් වෙලා ඉන්නේ. හොඳ තේරුම් ගන්න ඕනේ. මම අයින්න මගේ අය ගන්න මගේ ආත්මය අය ගන්න වටිනා දෙයක් නෑහැ. මේක හේතුඵල ධර්මයන්ට

ඉතින් ඔය විදිහට බලන්න පුරුදු වුනා නම් ඒක හුඟක් ඇති. උද්‍යව්‍ය ඥානය ලබාගන්න උත්සාහ කරන්න. උප්පාද අය දකින්න. තුළ අනිච්ච දකිනවා. කේනට්ටේන අනිච්චා, උප්පාද වයට ඒන අනිච්චා. කුමන අර්ථයෙන්ද අනිච්චයි කියන්නේ. උප්පාද වය අර්ථයෙන් අනිච්චයි කියන්නේ. උප්පාද දකින්නේ 25 ලක්ෂණයක් දකිය, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උප්පාද අය දකින්නේ 50 ලක්ෂණයක් දකිය. උදව්විය දැක්කනම් ලක්ෂනපක් දකිනවා. ඔය වැඩි විස්තරය. එකක් දෙකක් කියනකොට මහා ගැඹුරට වාගේ පෙවුනාට බොහොම පුංචි කෑල්ලක් ඔය කියෙව්දේ. ඕක ලොකු දෙයක් නෙවෙයි. උප්පාදය දකින හැටි. ඇති වුණා නැති වුණා, ඇති වුණා නැති වුණා ඕක නෙමෙයි උප්පාදවාය කියන්නේ. ඒවා තමයි ආචාර්යවාද. පෙර තියෙනවා වෙනම ලස්සනට විග්‍රහ කරලා

තියෙනවා. අටුවාවක් තියෙනවා. පෙළයි අටුවායි දෙකම පැත්තට දාලා ආචාර්යවාදයක් උත්සාගෙන අනිච්චයි අනිච්චයි කියලා ඉතිර නෑ ඉතිර නැහ එකේ ඉන්නවා. දැන් මොනවා කරන්න? අවබෝධයක් ලැබෙන්නේ කොහොමද? ප්‍රශ්නය ඕකයි. එහෙනම් අටුවාය විග්‍රහ කරලා තියෙන ක්‍රම දෙකක් තියෙනවා. නෙත්තිප්‍රකරණය තියෙනවා එකක්. පටිසම්භිදාමග්ගප්‍රකරණීය ඒ දෙකම අටුවා දෙකක්. ආචාර්යවාද නෙවෙයි අටුවා. ඒ දෙකෙන් විග්‍රහ කරන ක්‍රම දෙකක් තමයි. උදා වෙන්නේ කොහොමද? ඒක උදා නොවෙන්නේ කොහොමද? මොන හේතුවක් නිසාද උදා වෙන්නේ? මොන හේතුවක් නිරෝධයෙන්ද උදා නොවෙන්නේ? මෙන්න මේ කියන කාරණය තේරෙන්න ඕනේ. මොකක්ද මේ ප්‍රශ්නේ? පංචස්කන්ධය කියලා දුක්ඛස්කන්ධයක් තියෙනවා.

ඒ පංචස්කන්ධය උපාදානය කරන්න ගියාම පංච උපාදානස්කන්ධයක් ගොන්න නැගෙනවා. පංචස්කන්ධය පිළිබඳ යම් ඡන්ද රාගයක් ඇද ඒ උපාදානයයි. මෙන්න මේ පංචස්කන්ධය හරි වටිනායකක් කියලා අවිද්‍යාවෙන් තීරණයක් දෙනවා. ඒ අවිද්‍යාවේ තීරණය ඉන්න තාක්කල් මේක අත්හරින්න හිතෙන්නේ නැහ. ඒක හොඳයි කියලම අදහස් දෙනවා ගොඩනැ නගාගන්න ඕන ඒක පරිහරණය කරන්න ඕනේ. ඒ ඇසුරෙන් ලබන්නා වූ යම් පංචකාම ආශ්වාදයක් ඇද්ද ඒක විඳින්න ඕනේ හදා හදා ඔය අදහස එනවා. ඒ නිසා සත්වයාට ගැලවීමක් නෑහැ. ඕකට කියනවා අවිද්‍යාව එහෙන හැටි දකින්න ඕනේ. එහෙනම් යන් තරමක් දුක ගොඩනැගුණා නම් මොකෙන්ද ගොඩන්නැගුණේ? පංචස්කන්ධය උපාදානය කරන්න ගිහිල්ලා. ඒ නිසාම ගොන්නැගි පංචස්කන්ධයෙන් දුක්ඛ දුක්ඛයත් එනවා. රූපස්කන්ධය නිසා කායික දුක්ඛය එනවා.

මේ රූපය නිකන් හැදුන්නේ නෑ වේදනාවට වස්තුවක් වෙලා හැදිලා තියෙන්නේ කර්ම වේගයෙන්. කොච්චර වේදනාව එපා කිව්වත් හරියන්නේ නෑ. බඩිගිනි වේදනා වෙනවා, පිපාස වේදනාව වෙනවා, සීත උෂ්ණ වලින් වේදනා වෙනවා පෙළෙනවා හැම වෙලේම එතකොට මොකද වෙන්නේ? රූපය නිසා වෙන පෙළීම දකිනවා. වේදනාවේ නැහැ හැටි දකිනවා. ආශ්වාද වේදනාවෙන් අයින් වෙලා ඉන්න හැදුවට දුක් වේදනාවෙන් අයින් වෙන්න බෑැනේ. රූපස්කන්ධය එක්ක බැඳිලා ඉන්න තාක්කල් ඕක විඳින්න සිද්ධ වෙනවනේ. ඒ වේදනා එන්නේ මොනවද අපිට මොනවාද ඇිලලාද? සංඥාව වශයෙන් දැනෙනවා. මොනවද දැෙන්නේ? රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්බ සංඥා, ධර්ම සංඥා කියලා. ඕවා අනවා අනිෂ්ඨ අප්ිය විදියට ආපුහම දුකයි. ඉෂ්ට ප්‍රිය විදියට ආපුවහම ඇලෙනවා. අල්ලන්න ගියාම අනිෂ්ඨාප්‍රිය 10ක් එකට ගොඩ ගහනවා. දුක් දහක් විඳිනවා එකක් අල්ලන්න

ගිහිල්ලා. අවු වෙච්ච එකුත් නෑ. දාහක් දුක් විදිලා හිටන් අඬනවා. කාලය ගෙවනවා විදිහට මේ ලෝක ස්වභාවය. මෙන්න මෙහෙම දුකට මුල් වෙච්ච පංචස්කන්ධය. යම් හේතුවක් නිසා හටගන්නවද? අන්න ඒ පංචස්කන්ධය දුකයි හටගන්නේ දුක්ඛ සමුදයයි. අන්න ඒ දුක්ඛ සමුදයන හටගැනීමට හේතු වෙච්ච ආශ්වාදය නිරෝධ කර දැමොත් ඡන්ද රාගය නිරෝධ කළොත් දුක්ඛ නිරෝධයි. ඒ දුක්ඛ නිරෝධ කරන්න නම් මේකේ තියෙන්නේ යථා ස්වභාවය දකින්න ඕනේ. අනිච්ච ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනත්ත ස්වභාවය ධර්මානුකූලව දකින්න ඕනේ. මෙන්න මේ ටිකයි චතුරාර්ය සත්‍යය දකිනවා කිව්වේ. එහෙනම් මෙන්න මේ ටිකයි විදර්ශනාවෙන් කරගත යුත්තේ. මේ රූපස්කන්ධය පිළිබඳව විදිස් ලක්ෂණයක් දකිනවා. කොහොමද? මේ කොහොමද මේ රූපය ගොඩනැගෙන්නේ? මම නෙමෙයි මගේ නෙමෙයි කියන්න නෙමෙයි කිව්වේ.

සත්‍යයාබෝධය ලබාගන්න ඕනම් මේ රූපය හැදෙන හැටි බලන්න. මේ රූපය උදා වෙන්නේ කොහොමද? ගොඩනැගෙන්නේ කොහොමද? අවිජ්ජා සමුදයා රූප සමුදයා මෙන්න අවිද්‍යාව පෙර බව තිබිච්ච අවිද්‍යාව නිසා මේ ගොන්නැගිච්ච හැටි. මේ ලෝකේ හොඳයි මේ පංචස්කන්ධය හොඳයි මේක තමයි ආශ්වාදන්න තියෙන ස්ථානය කියලා. අවිද්‍යාවෙන් ගත්ත නිගමනය තිබිච්ච නිසාම තමයි. අද මේ කුණු කයකට උරුමකම් කියන්න හම්බ වුණේ. මොකක් නිසාද? අවිද්‍යා සමුදයෙන් ගොඩනැගිච්ච හින්දා මෙන්න අනිච්ච දකින ක්‍රමයක්. අනිච්ච කියන්නේ ස්ථිර කතාවක් නෙමෙයි. ඕක තමයි වහපු වේග. එහෙනම් මොකක්ද කරන්න කිව්වේ? අවිජ්ජා සමුදය රූප සමුදය මේ එකක්. ඉතින් අවිද්‍යාව නිසා මොකක්ද වුනේ? අවිද්‍යාවට අනුකූලව ආශ්වාද වශයෙන් හිතන්න

පටන් ගත්තහම තෘෂ්ණාව ගොරනැගුණා. තණ්හා සමුදයා රූප සමුදයා අන්න රූප හැදුනා අනික් ක්‍රමය අවිද්‍යාවෙන් ඊළඟ උපනිසරය ලැබුවේ ඔහොමයි. ඉන් තෘෂ්ණාව තිබුනහම කොහොමද රූප හැදෙන්නේ? අවිද්‍යාව නිසා තෘෂ්ණාව ගොන්නගාගෙන හිතෙන් කයෙන් වචනයෙන් අපිට අවශ්‍ය ආශ්වාදය සඳහා කටයුතු කරන්න පටන් ගත්තා. අන්න ඒ නිසා තමයි කර්මයක් ගොන්න නැගුණේ. කම සමුදයා රූප සමුදයා ඒකෙන් තමයි උප්පත්තියට ආවේ. කරපු කර්ම වේගයෙන් ආපුහාම මොනවද හම්බ වුණේ? මව්ගේ ආහාරයි. මේ ලෝකයෙන් කනබොන ඒවයි. කවලින් කාරහත් අරගෙන ඕවා කන්න බොන්න පටන් ගත්තහම ආහාර සමුදයා රූප සමුදයා

ඔන්න ආහාරය වැඩෙන්න පටන් ගත්තා. යම් මට්ටමක් නිගමනය වෙලා තියෙනවද මේ කාය මෙච්චෙක් උස යන්න ඕනේ. මෙච්චර මහත්තන්න මෙච්චර හැඩෙන්න ඕනේ. කර්ම ශක්තියෙන් ගත්ත තීරණයදී යම් ප්‍රමාණයක් ඇත්්ද කොච්චර පොඩි එකා වෙලා උපන්නත් ඔන්න ඔතන් නැගිලා එනවා. නිබ්බත්ති ලක්ඛනං රූප සමුදයක්. ඔන්න නිප වෙනවා එතන්ට එනකන්. ඔය රූපය පොඩි එකක් බලා ඉද්ද කන බොට ලොකු වෙලා ලොකු වෙලා ගිහිල්ලා අවුරුදු 18ක් වෙනකොට ලොකු වෙලා ඉවරයි. දැන් මෝර මෝර යනවා මිසා තව ලොකු වෙන්නේ නැ. ඔන්න ඔය කාරණා පහකින් රූපයක් ගොරනැගෙනවා. ඔන්න ඕකේ තමයි ඇත් දෙකයි, කන් දෙකයි, නාසයයි, දිවය කයයි කියලා අපි මේ අනිෂ්ඨ අරමුවට දුක් විදිලා බඩිගිනිවෙන්නෙයි, පිපාස හැදෙන්නෙයි. ඔක්කොම ඇති ප්‍රශ්න ඇති කරගෙන අනේ වෙච්ච දෙයක් කිය ඉන්නේ. ගේ කඩාන්නා ඉන්න තැනක් නෑහ. පිණි බන්න බැහැ. වැස්තේ තෙමෙන්න බැහැ. කොහෙද ඉන්නේ ඉන්න තැනෙකුත් නැහ. ඉතින් විවිධාකාර ප්‍රණටද

මේ කුණු ගොඩක් කරගහගෙන. ඒ කරගහගත කුණුගොඩට වෙන හොර දෙයක් නෑ. දැන් ඉතින් රකින්න වෙලා තියෙන්නේ. දුක්ඛ දුක්ඛයයි. සංඛාර දුක්ඛයයි, විපරිණාම දුක්ඛයයි දුක් තුනකින් කාණ්ඩ තුනකින් දුක් විඳ විඳා. ඔන්න රකිනවා හදා හදා ඉන්නවා මොකක් නිසාද වෙන්නේ? ඔන්න ඔය පහකින් ගොඩනැගිච්ච නිසා. එහෙනම් මේ පංචස්කන්ධයෙන් රූපස්කන්ධය ගොඩනැගුණ පහ ඕකයි. ඔන්න උදේ ඥානයේ. රූපස්කන්ධය පිළිබඳ උදේ ඥානය කිව්වේ ඕකට. දැන් මේ රූපස්කන්ධය හොඳද ඉතින්? හොඳයි කියලා හිතාගත්ත එකම තමයි පෙර බව තිබිච්ච අවිද්‍යාව තෘෂ්ණාව. එහෙනම් දැන් මොකක්ද කරන්න ඕනේ? මේක කොහොමද හොඳ වෙන්නේ? ඇයි අපි හොඳයි කියලා නිගමනය කළේ පෙරභවේ. හේතුවක් එහෙම තියෙන්න ඇද්ද? ඇයි නැත්තේ? ලස්සනවා දකින්න මේ ඇත්ත එක නැතුව

පුළුවන්ද? මිහිරි සබ්දහන්න මේ කන්ද නැතුව පුළුවන්ද? මෙච්චර සුවඳ තියෙන ලෝකේ උරන්න මේ නාහෙය නැතුව පුළුවන්ද? කොච්චර රහේවල් ලෝකේ තියෙනවද දිව නැත්නම් ඒවා රහ විඳින්න පුළුවන්ද? ඉතින් ඇස කන දිව නාසය කොච්චර හොඳද? අනේ මේ ආශ්වාද විඳින්න මේ කය මෙහෙම තිබුනහම කොච්චර හොඳද ඒක හින්දානේ මේ ආශ්වාද විඳින්නේ කය කොච්චර වටිනවද ඇස කන දිව නාසය ශරීරය ඕවා විදි ඔක්කොම හිත නිසානේ. එහෙම හිතක් හොඳට පැහැදිලිව තියෙනවානම් දැනෙන්න කොච්චර සුව විඳින්න පුළුවන්ද ඔන්න තෘෂ්ණාව. මොනවා නිසාද හටගත්තේ? රූප තණ්හා, සබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධර්ම තණ්හා මෙන්න මේ ආකාරයෙන් සකස් වෙලා එනවා. අවිජ්ජා සමුදයා, රූප සමුදයා, තණ්හා සමුදයා රූප සමුදයා ඉතින් තණ්හාව මුල් කරෙන්නේ කර්ම කරනවා. දැන් හටගත්තා කම්ම සමුදයා රූප සමුදයක්.

එතකොට මොකද වෙන්නේ? උප්පත්තියට එන්න ඕනට කර්ම ශක්තිය කර්ම බීජය හදාගත්තා. එතන ඉදිලා මොකද කරන්නේ? සතර ආහාරයෙන් ආහාර පෝෂණය වෙලා යම් තැනක ආහාර සමුදින් හදාගත්ත කය නිසා මේ කුණු කයක් ලොකු මහත් කරගන්න හදාගෙන අන්න අර අපි ඉස්සෙල්ලා කිව්වා වාගේ නිබ්බත්ති ලක්ෂණයෙන් නිපදවිලා දැන් ඉතින් හැදිලා තියෙනවා. දැන් අද අපිට සාකච්ඡා කරන්න ට වෙලාවක් නැහැ. මෙන්න උදයව්ව්‍ය ඥානය තුළින් කය හැදිච්ච උදේ ඥානය ඔය ටික නිරෝධ කරලා දැම්මහම මතු කයක් හටගන්නේ නෑ. කය හටගන්න ක්‍රමවේදිය ඉවරයි. ඕක දැක්කහම වැය ඥානය. ඔන්න ඔයි මේකට කියනවා කය පිළිබඳව උදයව්‍ය ඥානය. මෙන්න මේකට කියනවා කය පිළිබඳ අනිච්ච දැක්කා නැත්නම් කායෝ අනිච්චා කියා දැක්කේ ඕකයි. චක්ඛුං අනිච්චං රූපං අනිච්චං සෝතං අනිච්චං සද්දෝ අනිච්ච ආදි වශයෙන් කිව්ව ටික දැක්කා වෙන්නේ ඔය ටික දැක්කුවොත් ඔය ටිකෙන් පුරුදු වෙන්න ටිකෙන් ටික මේ අනිච්ච කියන වචන තෝරාගන්න තෝරාගෙන ඊට

අනුකූලව ඥානවන්තව ඉස්සෙල්ලා අහලා ධර්මය අවබෝධ කරගෙන අමුතුවෙන් කරන්න දෙයක් නෑහැ. ඒ අවබෝධය ආවට පස්සේ නිවන් දකි. අද අපිට උටවලා සාකච්ඡා කරන්න වෙලා නැහැ. ප්‍රශ්න නම් මහා ගොඩක් තියෙනවා. නමුත් මේ තියෙන ප්‍රශ්න වලට හුඟකට මෙතන දැන් පිළිතුරු කියවිලා තියෙන්නේ. ඉතින් තමන්ට තවත් අවශ්‍ය කරන ධර්මයක් නැත්නම් නිවන් දැකීමට අත්‍යාවශ්‍ය ධර්මයයි හැඟෙවිලා තියෙන්නේ. අනික් නම් ඔය හැමතැනින්ම අහන්න තියෙනවා. ඉතින් නිවන් දැකීමට අවශ්‍ය කරන ධර්ම කාණ්ඩ විශේෂයෙන් මෙහෙන් අහන්න අහලාන් ඒකට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගෙන අදම නිවන් නාවබෝධ කරන්න උත්සාහ කරන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා. Ja.